Monday, September 12, 2016

ණය උගුලින් ගැලවීමට අගමැතිවරයා දරන ප්‍රයත්නය සිහිනයක් නොවීමට නම්....

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවසා සිටියේ වසර 2020 වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් කරගන්නා බවය. එම ප්‍රකාශය අග්‍රාමාත්‍ය වරයාගේ කථාවෙහි වැදගත්ම අංගය බව නොකිවමනාය. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම අපේක්ෂා කරන සැමගේම ප්‍රයත්නයන් මල්ඵල දැරීමට නම් මෙම ණය උගුලෙන් ගැලවිය යුතුම ය.

නමුත් ප්‍රශ්නය වන්නේ පවතින රාජ්‍යතාන්ත්‍රික  පරිසරය තුල එම ඉලක්කය කරා ලඟා වීමට අගමැති වරයා ප්‍රමුඛ රජයේ දේශපාලන අධිකාරියට හැකියාවක් තිබේද? යන්නයි. පසුගිය දශකයේදී කිසිදු පාලනයකින් තොරව ලබාහන්නා ලද මෙම ණය බර අඩුකරලීමට නම් රටේ නිෂ්පාදනය ඉහල නැංවීම සහ නව අදායම් මාර්ග වෙත ප්‍රවිෂ්ඨ වීම අනිවාර්‍යයෙන්ම සිදු කලයුතු අතර රටේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලයුතුය.

මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ව්‍යාපෘති  වල විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි. එයට ප්‍රධාන හේතුව ලෙසින් නීති සහ රෙගුලාසි ඉදිරියට දමාගත් ඉබි ගමන් රාජ්‍ය සේවය දැක්විය හැක. එයට අමතරව, රාජපක්ෂ රෙජීමයේ දුෂිත වන්දිභට්ට නිලධාරීන් තවදුරටත් යහපාලන රජයේ ඉහලම තනතුරු දරති. නිලධාරීන් මෙන්ම උපදේශකයන්ද වශයෙන් වැටුප් සහ වෙනත් දීමනා ලබති. මෙම චරපුරුෂයින් යහපාලන රජයේ ව්‍යාපෘති ප්‍රමාද කරති. කඩාකප්පල් කරති. ඔවුහු FCID ය පලිහක් කරගෙන ඉන්නා බවක් දක්නට ලැබෙයි. සියලුම FCID පරීක්ෂණ පැවැත්වෙනුයේ රාජපක්ෂ රෙජීමයේ වංචා සහ දුෂණ වලට එරෙහිව මිස සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව නොවන බව පැහැදිලිව දක්නට ලැබුනද ඕවා කරලා අපිට FCID යාමට නොහැකි බව මන්තරයක් සේ ජප කරති. ඉන් නොනැවතී රජයට තර්ජනද කරති. අගමැතිවරයා පසුගිය දිනෙක එම තර්ජන වලට දැක්වූ ප්‍රතිචාරය ප්‍රසංශනීය බවද කිව යුතුය.

මෙම තත්වය යටතේ අගමැති වරයාගේ ප්‍රයත්නය වසර 2020 දී සාර්ථක වීමට නම රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිසංස්කරණයක් සිදු කල යුතුය. නැතහොත් ණය උගුලින් ගැලවීම සිහිනයක්ම පමණක් වනු ඇත.

5 comments:

  1. ඕකට හොඳම වැඩේ එහෙම කරන නිලධාරීන්ව එළි කරන එක නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. 1. අමුතුවෙන් හෙළි කරන්න දෙයක් නැහැ. බොහොම අමාත්‍යංශ වල ඇමතිවරු දන්නවා කවුද කියල.
      2. පහල මට්ටමේ නිලධාරීන්ට ඇති අපහසුතා පැමිණිලි කරන්න ආයතනයක් සැදිය යුතුය.

      Delete
  2. මුන් ඇවිත් තියෙන්නෙ රට හදන්න නෙමෙයි උන් හැදෙන්න. තවත් චන්ද්‍රිකා යුගයක් ඔහේ ගෙවී යාවී ඇෆ් සී අයි ඩී එකවත් නොතිබුනා නම් මේ ආන්ඩුව කරපු කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  3. 2020 SMART object එකක්ද? මට නම් පේන්නේ නිකං පුරසාරම් කතාවක් වගේ. රාජ්‍ය සේවය වගේම රටේ ආදායම් වියදම් හරියට කලමණාකරනය කර ගත්තොත් ණයෙන් නිදහස් වෙන්න නම් පුලුවන් ඇත්තටම..

    ReplyDelete