Wednesday, November 8, 2017

පැයක කාලයකදී බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගනිමු

පලමු කොටස මෙතැනින් 

බ්ලොග් අඩවි නිර්මාණය සහ යාවත්කාලීන කර පවත්වාගෙන යාම සඳහා ගුගල් වෙතින් නොමිලේ ලබාදෙන සේවාව බ්ලොගර් නම් වෙයි . බ්ලොගර් සේවාව ලබා ගැනීම සඳහා ගුගල් ගිණුමක් අත්‍යාවශ්‍ය වේ. බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කරනා අය බ්ලොග්කරණය තුල සිය සත්‍ය ප්‍රොෆයිලයෙන් පෙනීසිටීමට අකමැති නම් අලුත් ගුගල් ගිණුමක් ආරම්භ කිරීම කලයුතු වෙයි. නමුත් අපගේ අදහස නම් බ්ලොග් කරණය සත්‍ය ප්‍රොෆයිලයෙන් කිරීම වඩාත් යෝග්‍ය බවය.

බ්ලොගර්හි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීම වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මෙන් තාක්ෂණික දැනුම අවශ්‍යය වන අසීරු කාර්යයක් නොවේ. එය නවකයකුට වුවද පැයකට අඩු  කාලයක් තුල තනිවම කරගත හැකි ක්‍රියාවලියකි.


4.1 බ්ලොග් අඩවිය නිර්මාණය කරගැනීම සඳහා පළමුව ගුගල් ගිණුමට ලොග් වියයුතුය. ලොග් වූ පසුව පරිගණක තිරයේ දිස්වන ගුගල් මුලික පිටුවෙහි දකුණුපස ඉහල කෙලවරේ ඇති කොටු සලකුණ ක්ලික් කළවිට  මගින් ගුගල් සේවා මෙනුව තිරයේ දිස් වෙයි. එහි පහලින් ඇති More  මෙනුව ක්ලික් කළ විට පහත තිරය දිස් වනු ඇත.


එම මෙනුවේ ඇති බ්ලොගර් අයිකනය ක්ලික් කළ විට බ්ලොගර් වින්ඩෝව තිරයේ දිස් වෙයි. 




4.2 අලුත් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම සඳහා තිරයේ වම්පස කෙලවර ඇති New Blog මෙනුව ක්ලික් කළ යුතුය. එවිට පරිගණක තිරය මැද  අලුත් බ්ලොග් අඩවියක් ලියාපදිංචිය සඳහා වන වින්ඩෝව දිස් වෙයි.


එම තිරයේ අදාළ ස්ථානයේ අලුතින් සාදන්නට අදහස් කරනා බ්ලොග් අඩවියේ නම සහ බ්ලොග් අඩවිය සඳහා යෝජනා කරනා ලිපිනය ටයිප් කල යුතුය. 


එම ලිපිනය දැනට භාවිතා වන්නේ නම් වෙනත් ලිපිනයක් භාවිතා කරනා ලෙස දන්වන පණිවුඩයක් තිරයේ දිස් වනු ඇත. අඩවියේ යෝජිත ලිපිනය භාරගන්නේ නම් දකුණු පස් පහල කෙලවරේ ඇති Create Blog අයිකනය ක්ලික් කිරීමෙන් පසුව බ්ලොගර් වින්ඩෝව තිරයට පැමිණෙයි 


බ්ලොගර් තිරයේ වම් පස මෙනුවේ ඇති Theme මෙනුව ක්ලික් කිරීමෙන් පසුව බ්ලොග් අඩවියේ දළ සැකැස්ම බ්ලොගර් තිරයේ දිස්වෙයි. එහි වම්පස පරිගණක තිරෙයේ සැකසුමද දකුණු පස මොබයිල් තිරයේ සැකසුමද දිස් වෙයි.


අදාළ තිරයේ පරිගණක සැකසුමට යටින් ඇති Customise අයිකනය ක්ලික් කිරීමෙන් පසුව බ්ලොග් අඩවියේ මුල් පිටුව අඩංගු තිරයක් දිස්වෙයි. එම තිරයේ ඉහලින් දැක්වෙනුයේ බ්ලොග් අඩවිය ප්‍රියමනාප ලෙස නිර්මාණශීලීව තේමාවක් සහිතව සකස් කරගැනීමට උපකාරී වන Theme Designer මෙනුවය. 


Theme Designer මෙනුවේ මැද ප්‍රියමනාප ලෙස බ්ලොග් අඩවිය සකස් කරගැනීමට තෝරාගත හැකි තේමා කිහිපයක් දිස්වෙයි. බ්ලොග් අඩවියේ නිර්මාණකරුගේ රසාස්වාදයට අනුව මින් එක් තේමාවක් තෝරා ගත හැකිය. මෙම පාඩම සඳහා මා තෝරාගත්තේ Picture Window නම් වන තේමාවයි. එම තේමාව දැක්වෙන අයිකනය ක්ලික් කලවිට පහතින් දැක්වෙන තිරය දිස්වෙයි 






තේමාව තෝරාගත් පසුව Theme Designer මෙනුවේ වම්පස ඉහල කෙලවරේ ඇති Background මෙනුව ක්ලික් කල විට පහත දැක්වෙන තිරය Theme Designer මෙනුවේ දිස්වෙයි 




එහි Background Image කොටසේ ඇති පහලට දිශා ගතකළ ඊතලය ක්ලික් කිරීමෙන්  පසුව Select Background Image වින්ඩෝව තිරයේ දිස් වෙයි.


මෙම පාඩම සඳහා Select Background Image හි වම පස මෙනුවෙන් Nature මෙනුවේ ඇති පින්තුරයක් තෝරා ගත විට පහත දැක්වෙන තිරයේ දිස්වෙයි.



මේ තිරයේ දකුණුපස ඉහල කෙලවරේ ඇති Apply to Blog අයිකනය ක්ලික් කළවිට නැවතත් බ්ලොගර් තිරය දිස් වේ.

මේ වනවිට නව බ්ලොග් අඩවියේ ප්‍රධාන සැකසුම පිලියල කොට අවසන්ය. අනතුරුව බ්ලොග් අඩවිය සඳහා පරීක්ෂක ලිපියක් එකතු කල යුතුය. මේ සඳහා බ්ලොගර් තිරෙයේ වම්පස මෙනුවේ Posts මෙනුව ක්ලික් කලවිට පහත තිරය දිස්වෙයි



එම තිරයේ New Post අයිකනය ක්ලික් කල විට ලිපිය ටයිප් කිරීම සඳහා වන තිරය දිස්වෙයි


ලිපිය ටයිප් කිරීම සහ මාතෘකාව ටයිප් කිරීම සඳහා වන ස්ථානයන්හි ඒවා ටයිප් කර තිරයේ දකුණු පස ඉහල ඇති Publish අයිකනය ක්ලික් කල පසුව ලිපිය ප්‍රකාශයට පත් වෙයි.


ලිපිය ප්‍රකාශයට පත් වන විට එය Google + මිතුරනට දැන්වීමට අවසරය ඉල්ලන වින්ඩෝවක් තිරයේ දිස්වෙයි. මෙය පරීක්ෂක ලිපියක් බැවින් Cancel ක්ලික් කර එය දැන්වීම වලක්වන්න. 

Cancel අයිකනය ක්ලික් කල පසුව දිස් වෙන  බ්ලොගර් වින්ඩෝව පහතින් දැක්වෙයි. 

මෙම වින්ඩෝවේ වම්පස ඉහල ඇති විවේ බ්ලොග් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබගේ නව බ්ලොග් අඩවිය දිස් වෙයි 

ඔබගේ බ්ලොග් අඩවියේ මුලික සැකැස්ම දැන් සුදානම්ය. අඩවිය වෙත එක් කලයුතු තවත් අත්‍යාවශ්‍ය අංග කිහිපයක් ඇත. ඒවා එකතු කර ගන්නා ආකාරය මීලඟ ලිපියෙන්  බලාපොරාත්තු වන්න.

18 comments:

  1. ගූගල් බ්ලොගර් සේවාව භාවිතා කිරීමේ දී ප්‍රවේසම් විය යුතු කාරණයක් තමයි, ගූගල්ලා අපට බ්ලොගය සහ G+ එකට ඈඳීම විටින් විට බල කිරීම. එවිට වෙන්නේ පාඨක ප්‍රතිචාර G+ එකට යෑමයි.

    පසුව ඟෙය වෙන් කර ගත් පසු අර මුලින් තිබුණු G+ ප්‍රතිචාර බ්ලොගයෙන් නැති වී යනවා.

    මෙය වසර කිහිපයකට ඵෙර ඇතිවුණු තත්වයක්. ඉකොනොමැට්ටා සහ නොකී කතා බ්ලොග්වලට ආරම්භයේ දී මෙය සිදුවුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ස්තුතියි රසික,
      මේ ගැනත් ඉදිරියේදී ලියන්නම්
      තව එකතු කලයුතු කරුණු දන්වන්න පුළුවන් හම පුළුවන් නම් උදාව්වක්

      Delete
  2. Replies
    1. ෆේස් බුක් එක බදාගෙන ඉඳල අනාත වෙච්චි සෙට් එක මේකට ගෙන්වගමු

      Delete
  3. මාත් හදනවා පිස්සූ පූසා බ්ලොග් එකක්

    ReplyDelete
    Replies
    1. පිස්සු පුසව පාඩම් මාලාව ඉවර උනාට පස්සේ කාට හරි දීල දානවා.

      Delete
  4. එල
    බුකියෙත් සෙයා කලා...

    ReplyDelete
  5. Ad sense දාන විදිහ කියන්න පුලුවන්ද?

    ReplyDelete
  6. Replies
    1. පුළුවන් තරම් බ්ලොගර්ස් ලා එකතු කරගන්න බලමු

      Delete
  7. වදන් තද අමතක කිරීම ගැන වදන් තදකාරයන් වන අපේ බලවත් විරෝධය ... අපි ලියනවා වදන්තද ගැන :-D හික් .. හික් ..

    ReplyDelete