Sunday, March 27, 2016

නෙළුම් යාය - After Party



නෙළුන් යාය සුපිරිය. ආප්ටර් පාටිය ඊටත් වඩා සුපිරිය. සුපිරි නෙවෙයිය පට්ට සුපිරිය. කටුනායක ඩියුටි ෆ්රී එකම දෙහිවල බීච් එකේ මේසයක් උඩින් තියලාය. ඕවා විදේශ බලවේග වල ජාත්‍යන්තර කුමන්ත්‍රණය.

ප්‍රවීණ සංගීතඥ මම තුමා සංගීතය සැපයු අමාරුම ප්‍රසංගය ඒකය. ඇවිත් හිටපු හතළිහෙන් තිහක් විතර සින්දු ඉස්ටෝරුය. උන් දන්නා සිංදු රේඩියෝ සිලෝන් තැටි ගබඩාවේ වත් නැතිය. පීචං ගායන ශිල්පී ජෝතිපාලගේ සිංදුවක් ඉවර වෙන්න කලින් ප්‍රබුද්ධ ගායන ශිල්පී අමරදේව මාස්ටර්ගේ එකක් රික්වෙස්ට් කරනවාය. රික්වෙස්ට් කරලා නිකන් ඉන්නේ නැතිය. ඔක්කොම ටික එකතු වෙලා සින්දුව පටන් අරගෙනත් ඉවරය. එකක් ඉවරවෙලා ආමාස ගත කරගන්න අර මොනවදෝ සුට්ට ගුඩුස් යවා ගන්න දෙන්නේවත් නැතිය. මොනවා උනත් බ්ලොගාලගේ ගායනය නම් සුපිරිය. හරියට සෘතියටම ගයනවාය. මම තුමා නොදන්නා සින්දු ටික ප්‍රවීණ සංගීත උපදේශක මනාතුමාගේ  ඇඟේ ගසා ජාම බේරා ගත්තෙමිය.


කාන්තා පාර්ශ්වය මේ මහා සංගීත ප්‍රසංගයට සහභාගී නොවීම දාහෙන් සම්පතක් කොට සලකන්නේමිය. ආවානම් මම තුමාට සහ මනා තුමාට අනිවාර්යයෙන් බොඩි සම්මානය ලැබෙනවාය. එහෙම උනානම් කොළඹ ගමයා ලන්ඩන් ගොහින් හමාරය. පුංචි තැනින් අල්ලලා වලිග සම්මානය දෙනවා සුවර්ය.

පුදුම වැඩේ කියන්නේ බස් වල යද්දී ඇහෙන රෝසාන් අයියගේ හෙවි මෙටල් සිංදු එකක්වත් මුන් දන්නේ නැති එකය. සොරි, බ්ලොගාල ඕව අහන්න බස් වල යන එකක් යැ. යන්නේ ඩිෆෙන්ඩර් වල නොවැ.

කොහොමින් කොහොමින් හරි වෙලාව පාන්දර එකයි කියල දැනගත්තේ කබර පුංචෙක් අන්නශ්‍රොතය කිචි කවන කොටය. තව ටිකක් හිටියොත් කබර පුංචා මහා එකෙක් වෙලා එලියට එනවාය. එක හන්දා රසිකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ වාෂ්ප භූත උනෙමිය. එයට විරෝධතාව පෑමට ලිප්ටන් වටරවුමේ ලබන සඳුදා පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හකුලා ගන්නා මෙන් සමස්ථ බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේමිය.

** පොස්ටුවට පින්තුරයක් නැති එක අඩුපාඩුවක්ය. තියෙන එකෙක් පුළුවන් ඉක්මනට එවන එක යුතුකමක් කොට සැලකිය යුතුය. **

26 comments:

  1. කව්ද එච්චර රෑ වෙනකල් සින්දු කිව්වෙ. අන්න එහෙමයි බ්ලොගාල.

    ReplyDelete
    Replies
    1. සෙට් එකම සින්දු ඉස්ටෝරු බං.

      Delete
  2. රූප දාන්න විදිහක් නෑනේ ඉතින් නේද????????

    ReplyDelete
    Replies
    1. දකින දකින එකා පොටෝ ගන්නවානම් දැක්ක. ඔව්ව එඩිට් කරල ඇල්බම් හදල එවනකොට හරි.

      Delete
  3. රූප දාන්න වෙන්නෙ කොටු කොටු ලු :D. කාන්තා පාර්ශ්වය හිටියනං එන්රිකේ කැලේ. තොග ගානට විකුනන්න තිබ්බ ජීවන අය්‍යටයි මටයි :D.
    ඉතුරු උන් ටික ආංබාං කරන් අපි යද්දි පාන්දර දෙකට විතර ඇති. ජීවන අයිය අදුරගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ආයෙත් දවසක මුණගැසෙමු.
    ජය වේවා!!!

    ReplyDelete
  4. අන්න ගිටාර්.. පට්ට ආ.. අන්තිමට අපි කාටවත් ගෙදර එන්න උවමනාවක් තිබුනෙම නෑ.. තව සුළුවෙලාවක් ඇතුලත ෆොටෝ කෑලි කිහිපයක් මේල් කරන්නං.. අනුග්‍රහය අනොපිලිස් මුද්දා ගෙන්.

    ReplyDelete
    Replies
    1. තව ඉන්නව මචෝ. පොඩි සතා ලොකු උනා නං කෙළවෙන නිසා ආවේ.

      Delete
  5. ඊළඟ පොස්ට් එහෙකදිවත් සම්මාන උළෙල ගැන දාපන්...

    ReplyDelete
    Replies
    1. සම්මාන උළෙල ගැන හැමෝම දානවනේ මචං

      Delete
    2. ආ ඔවුනේ...

      හැමෝම දාලා තියෙන්නේ සබ් ඉවෙන්ට් එක ගැන ...උඹ තමයි මේජර් ඉවෙන්ට් එක ගැන දාලා තියෙන්නේ...

      Delete
  6. කවුද අර ගිටාර් කාරයෝ තුන්දෙනා ..හැක

    ReplyDelete
    Replies
    1. තුනක් නෙවෙයි හතක් හිටිය

      Delete
  7. ශෘතියෙන් පිට ගියාට බොහොත් සොරි වෙන්නට ඕනෑය....
    කඩන්නේ නැතුව දුන් සොමියට තුති....!

    ReplyDelete
    Replies
    1. සිරාවටම හොඳම තත්වයේ පාටි ගායනයක්

      Delete
    2. ඊලඟ පාර සම්මාන උලෙලට ආෆ්ටර් පාටි එකේ පෆෝමන්ස් වලත් අජියා සම්මාන දෙනවලු. චෙෆාකිටයි, කසුන් ටයි, උඹටයි මනාටයි.

      Delete
  8. උඹේයි මනාගෙයි සුපිරි වාදනයට අපෙන් සුපිරි ගායනයක් තිබුනේ නැද්ද මම අහන්නේ. සුදිකයා එකකින් පටන්ගෙන මැදට වෙන සිංදුවක කෑල්ලක් දාලා සිංදුව ඉවර කරන්නේ තවත් සිංදුවක කෑල්ලකින්. ඔන්න ඕව තමයි මචං බීච් බජව් කියන්නේ.

    අයේත් එහෙනම් මුන ගැහෙමු මංචෝ

    ReplyDelete
    Replies
    1. සිරාවට හොඳයි.
      ආයෙත් මුණගැහෙමු

      Delete
  9. සෘතිය කන්නද බං.... කන්න බයිට් තිබුනනේ.... උඹලා නොහිටින්න ඒ ත්‍රිල් එක පට්ටෙට යන්නේ නෑ..... ගිටාර් එකක් නැතිව සින්දු කියලා වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. ගිටාර් එකක් නැති පාටිය උරුමස් නැති නත්තල වගෙය.

      Delete
  10. ගේදර ලග තිබිලත් එන්න බැරි වුනා.ඉගාව වර හෝ හමු වේමු.

    ReplyDelete
  11. දැන් ඉතින් ඔය කියන්නේ අපි ආවේ නැති එකමයි හොඳ කියලනේ. හරි හරි.. ඊළඟ පාර අපිට කියන්නවත් එපා. මොකද මම දුකෙන් හිටියේ අය්යෝ එන්න බැරි උනානේ කියල. බලනකොට මුන් කියනවනේ ආපු නැති එකමයි හොඉන්ද කියල. මොකටද නිකන් අනුන්ගේ ආතල් වලට උදැල්ල දාන්නේ. නෙහ් ?

    කොහොම හරි, එකතුව වින්දා නම් අපිත් සතුටුයි !

    ReplyDelete
  12. කෂ්ටිය පට්ට ෆන් එකක් අරන්ය, බොක්කෙන්ම ඉරිසියා හිතෙනවාය,මොනවා කොරන්ඩ ද රට පිට අපිට ගල් තියා පොලුත් නැත.

    ReplyDelete
  13. මෙව්වක් කියෙව්වාම එන්න බැරිවුණු අපේ හිත්වල දුක් පජ්ජ මන්ද වෙනවා බොලං....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරුවන් වෙනුවෙන් කරන ලද සත්කාරයට බොක්කෙන්ම නෙලුම් යයට ස්තුතියි ...

      Delete