Tuesday, September 26, 2017

ඉරාජ්, වික්ටර් රත්නායකට අපහාස කරාද?

කලා නිර්මාණයක් දැනෙනා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කළා නිර්මාණයක් දැනෙන්නේ එක් එක් පුද්ගලයා හුරු වී ඇති රසය අනුවය. පුද්ගලයා රසයට හුරු කරන්නේ තමන් ජීවත් වන පරිසරය, සමාජය  සහ සමාජ සම්මතයයි. එක සමාජයක ඉහලින් පිළිගන්නා රසය, තවත් සමාජයක තුප්පහි රසයක් යනුවෙන් හඳුන්වනු අප කොතෙකුත් දැක ඇත. උදාහරණයක් ලෙසින් කිවහොත් 70 සහ 80 දශක තුල බොනිඑම් සහ ඇබා සංගීත කණ්ඩායම් වල ගීත ලොව පුරා සංගීත විචාරකයන් ඉහලින් අගය කරනා විට අපේ විචාරකයින් එය හැඳින්වුයේ තුප්පහි හිපි සංගීතයක් ලෙසටය. නමුත් එකල ලොව පුරා ජනප්‍රිය වූ ACDC වැනි කණ්ඩායම් වල ගීත ගැන කිසිම විචාරයක් මෙරට විචාරකයන්ගෙන් ලියවී ඇති බවක් වාර්තා නොවෙයි. ඇත්තෙන්ම විවේචනය කරන්නට තිබුනේ එම ACDC වැනි කණ්ඩායම් වල ගීතයන් ය. ඒවායේ ගී පද මාලාවන්ය.  ඉන්දියානු සංගීතයම කරපින්නාගත් ලිං මැඩියන් වන අපගේ සංගීත විචාරකයන් ඒවා අසා වත් නැත. ඇහුවාට තේරෙන්නෙත් නැත.

ඉරාජ්ගේ වීඩියෝවේ සංගීතය  මා ප්‍රිය කරනා රසයට අනුව නම් ගු ගොඩකි. හේතුව මා හුරුවී ඇති රසයට අනුව සජීව වාදනය කළ නොහැකි පරිගණක ආශ්‍රිතව වාදනය කරනා සංගීතය අප්‍රිය වීමය. මා හට එසේ වුවද තවත් පුද්ගලයකුට පරිගණක ආශ්‍රිත සංගීතය ඉමිහිරි රසයක් ගෙනෙදෙයි. පරිගණක ආශ්‍රිත වාදනයන්ගෙන් සැදුම්ලත් බටහිර ගීත මිලියන ගණනින් යු ටියුබ් හි සංසරණය වන්නේ රසිකයන් සිටිනා බැවිනි.

ඉරාජ්ගේ සංගීත වීඩියෝව විවේචනය කරනා කිසිදු පුද්ගලයකු එහි සංගීත රසය විවේචනය කරනවා මෙතක් නම් දුටුවේ නැත. විවේචනය කරන්නේ නිර්මාණයේ  කතා වස්තුවය. කතා වස්තුව විවේචනය කරන්නේද ස්වාධීන ස්ථාවරයක සිට නොවන බව හොදින්ම පෙනී යයි. එය වික්ටර් රත්නායක නමැති කුඩුව තුල සිරවී කරනා විවේචනයකි. 

වික්ටර් රත්නයකව අමතක කළහොත් අදාළ වීඩියෝවේ කතා වස්තුව වයස්ගත පිරිමින් දහස් ගණනකගේ කතාවය. එය කලා නිර්මාණයක් සඳහා විශිෂ්ඨ නිමිත්තකි. වික්ටර් රත්නායක වීඩියෝවට ප්‍රවිෂ්ඨ වන්නේ ලෙලුම් රත්නායක සිය පියා  මිය ගිය බව පවසමින් මාකට් කරනා ලද සුප්‍රකට වීඩියෝවට සමාන කොටසක් නිර්මාණයට එකතු කිරීම තුලය. 

ඉරාජ් විසින් වික්ටර රත්නායකට අපහාස කල බව පවසමින් එම නිර්මාණය සමාජ ජාලා තුලින් ඉවත් කිරීම සඳහා රිපෝට් කිරීමේ ක්‍රියා දාමයක් බුකි වීරයන් විසින් පටන් ගෙන ඇත.

වික්ටර රත්නායකට අපහාස කිරීමේ ප්‍රමුඛයා ඉරාජ් නොව ලෙලුම් රත්නායක බව නොකිවමනාය. නමුත් ලෙලුම් රත්නායකගේ වීඩියෝව රිපෝට් කිරීම සඳහා මෙවන් සංවිධිත ක්‍රියා දාමයක් අප දුටුවේ නැත. එබැවින් මේ විරෝධතාව ඉරාජ් සමග ඇරියස් කවර් කිරීමක් විය හැක. නැතහොත් ඉරාජ්ගේම නෙගටිව් මාකටින් කැම්පේන් එකකට  ඉරාජ් සමග ඇරියස් ඇති පිරිසක් නොදැනුවත්වම හසුවූවා වන්නටද පුළුවන. 

19 comments:

  1. එහි සංගිතයක් ඇත්තේම නැත..එය ඔබද මාද එරාජ්ද වටහා ගත් සත්‍යයි ...එනමුදු....චීස් සොසේජස්, ඇම්බුං හෝ ආනමාලු සහ පොල් ලෙලි ගැසීම යන සීන්ස් තුන සහ විශේෂයෙන්ම පුතා හූ කියන තත්පර ගාන හරි හමන් එඩිටර් කෙනෙකගේ ක්‍රියෙටිවිටි වලට අහු උනානං "ප" එඩිට් වී අම්බානක යථාර්තවාදී music වීඩීයොවක් එළියට එන්න තිබුන චෑන්ස් එක කෑවේ සකරබර්ග්ගේ බිස්නොස් මොඩල් එක නෙවීද ජීවන...?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඉරාජ්ගේ සියලුම වීඩියෝ පිටුපස තිබෙන්නේ ගුගල් බිස්නස් මොඩල් එකට ගැලපෙන ආකාරයට සිංහල මෝඩයන් ඇන්දවීමේ කලාවක්. තනිකරම ඉරාජ් දුවන්නේ සිංහල ගැහැණුන්ගේ නිරුවත අමු අමුවේ පෙන්වීමෙන්. එහි නිරුවත කලාවක් කරගෙන නැහැ. ඔහුට අවශ්‍ය විවුස් (Video Views ) පමණයි. වීඩියෝව රිපෝට් කරන්න කැම්පේන් කරාම වෙන්නේ ඊළඟ වීඩියෝවට තවත් Views වැඩිවීම පමණයි. Digital Marketing වල ප්‍රධානම අංගයක් තමයි Negative Marketing Campaigns.

      Delete
  2. ඉරාජ් ලෝක අණ්ඩයෙකි. අපි උට කැමති නැත. නමුත් ඌ කොහෙට හුලං හැමුවත් නැව ඉස්සරහට අදින එකෙකි.
    ලීක් වූ දේශීය වැල සොයන්නන්ගේ වීව්ස් ගන්න බිලියට මොකක් හෝ අමුණන ඉරාජ්ගේ ඉදිරි ගමන ඉතා කොටය. වික්ටර් රත්නායකට නැති රුදාවක් අපේ උන්ට තිබීම හෙනම විහිළුවක්. කොහොම නමුත් ඉරාජ්ට පදමාලාවෙන් කියන්න තිබූ දේ වීඩියෝවෙන් පෙන්වන්න ගිහින් වැඩේ ඇනිලාය. ඔයිටත් වැඩිය හෙලුවෙං තබා හෝ ඔය වැඩේ ඔයිට වඩා හොඳට කරන්න තිබුණේ ය.

    ReplyDelete
    Replies
    1. සුරන්ගමාල් කියලා පෙනිසිට්න්නා ලෝක අණ්ඩයෙකි. අපි උට කැමති නැත. නමුත් ඌ කොහෙට හුලං හැමුවත් මුගේ පට්ට ගන්කබර කම ඉස්සරහට අදින එකෙකි.
      සම්මාන පිපාසයෙන් මෙගා බ්ලොග් තරුවක් කියා සිතාගෙන ඉන්නාවූ වූ දේශීය බ්ලොග් ලියන්නන් වීව්ස් ගන්න මොන විකාරයක් ලියාමෝඩ චුන් සද්දේ ජක ජක බක බක ඇරපන් මගේ පුකට වැනි මොකක් හෝ අමුණන සුරන්ගමාල් ඉදිරි ගමන ඉතා කොටය.[ජීවන් ප්‍රනාන්දු ට ] නැති රුදාවක් අපේ උන්ට තිබීම හෙනම විහිළුවක්. කොහොම නමුත් සුරන්ගමල් තෝරන් විස්තරයක් කරන්න තිබූ දේ වෙනත් පඩ සො ලියන්න ගිහින් වැඩේ ඇනිලාය. ඔයිටත් වැඩියතමන් ගේ පවුලේ එවුන් හෙලුවෙං තබා හෝ ඔය වැඩේ ඔයිට වඩා හොඳට කරන්න තිබුණේ ය.

      Delete
    2. සුරංග මම කියන්නෙත් ඔය ටිකම තමයි. ඉරාජ් කරනා ඕනෑම ගූ ගොඩක් ප්‍රචාරය කරන්නේ බුකියේ සිටිනා එවුං. අන්තිමේට හිට්ස් එන්නේ ඉරාජ්ගේ යූ ටියුබ් චැනල් එකට. YouTube Revenue Sharing Program එකෙන් සල්ලි එන්නේ ඉරාජ්ට. මේක හැමෝමව ගොනාට අන්දනවා. ඉරාජ් එක්ක එරියස් කවර කරන උන් ඉන්නකල් Negative Marketing Campaign එක ජයටම යනවා.

      Delete
  3. දඩයම , සිසිල ගිනි ගනියි, වැලිකතර වගේ කතා ගොඩක් පවුල් අවුල් ඇසුරෙන් හැදිල තියෙනව.
    ඒ අතරින් නිකම්ම වාර්තා චිත්‍රපට නොවී ගැටලුව ගැඹුරින් දැක්ක සහ නිර්මාණශීලිත්වය ඉහල කෘති තාම අපි අතර තියෙනවා .

    ඒත් මෙහෙම මිනිහෙක් වයසට ගිහින් ගෑණියෙක් ගත්තු එක පිටුපස තියෙන සංවේදී ඛේදවාචකය ගැන කතාකරනව වෙනුවට ඒ ගෑණි මිනිහ හැමනෙන හැටි, අංගජාතෙ මිරිකල හොදි ගන්න එක වගේ අතිශය පුද්ගලික තත්වෙ දේවල් පෙන්නල මඩ බාල්දි පෙරලනකොට, ඒව ඉලක්ක වෙන පුද්ගලයා මොකා උනත් සමාජයත් ඒක ඒ විදිහටම පිලිඅරගෙ බකංනිලාගෙ හිටියොත් ඒ බාල්දි හෙට පෙරලන්නෙ තමන්ට වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ පුද්ගලිකත්වයට නිදහස තිබිය යුතුයි. වික්ටර්ගේ සිද්ධියේදී ඒ නිදහසට නීච ප්‍රහාරයක් එල්ල කලේ ලෙලුම් කියන එක අමතක කරන්න එපා. ඔය කාරනාවෙදී වියපත් පිරිමියෙකුට වඩා වැඩි පීඩනයක් වියපත් ගැහැනියකට එල්ල වෙනවා. වික්ටර් වීරයෙක් කියල හඳුන්වපු සුළු පිරිසක් වත් හිටියට මෙ කරුණ වියපත් ගැහැනියක සම්බන්ධයෙන් කොමෙන්ට් වෙන්නේ තනිකරම වේසියක් යන අර්ථයෙන් පමණයි.

      කලයුත්තේ ඉරාජ්ව නීතිය ඉදිරියට ගෙනයන මාර්ගයක් පාදනවා මිසක රිපෝට් කිරීම වැනි ගොන්පාට් තුලින් ඉරාජ්ගේ Negative Marketing Campaign එකට සපෝට් කිරීම නෙවෙයි.

      Delete
  4. ඉරාජ් මේ අපහාස කරන්නෙ සිංහලයගෙ සංස්කෘතියට. මේක දරුණු කුමන්ත්‍රණයක් හරහ වෙන දෙයක්. මේකට ඉරාජ් විතරක් නෙමේ ඔය වීඩියෝ කරන හැම නපුංසකයම අදාළයි. පොඩ්ඩක් හිතල බලන්න මේ හැම වීඩියෝ එකකම නිරුවත් උනේ සිංහල කාන්තාවන්. මේකට දේතුව මොකද්ද? ලංකාවෙ හැම දේටම පිටින් මිනිස්සු ගෙන්නන්නව. මෙච්චර ශක්තිමත් සිංහල පිරිමි ඉද්දි ඉදිකිරීම් වැඩ වලට චීනෙන් නපුංසකයො ගෙන්නනව. ඒත් නිරුවත් කරන ඒවට දාන්නෙ සිංහල කාන්තාවන් විතරමයි. මේක පැහැදිළි කුමන්ත්‍රනයක්. මේක අපේ සංස්කෘතිය විනාශ කරන උගුලක්. උන්ට ඕනෙ සිංහලය කියන්නෙ තමන්ගෙ ගෑනුන්ගෙ හෙළුව ලෝකෙට පෙන්නන නපුංසක ජාතියක් කියල. සුඩ්දො නපුංසකයො හින්ද උන්ට උන්ගෙ ගෑනුන්ව සංවර කරගන්න බෑ ඒත් සුංහලය කියන්නෙ එහෙම නපුංසකයො ජාතියක් නෙමේ. ඒත් මේ සුද්ද බෝ කරල ගිය කලු සුද්දො ටිකවනම් එළැවගන්නකම් සිංහල ජාතිය බේරගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්... සිංහල ජාතිය නේ..............
      ලෝකෙන් උතුම් ජාතිය නේ....

      Delete
    2. සිංහල ජාතිය කියන්නෙ ලෝකෙ උතුම්ම ජාතිය තමා. තමන්ගෙ ජාතියෙ ගෑනුන්ව හෙළුවෙන් යවන්න තරම් නපුංසක ජාතියක් නෙමේ.

      Delete
  5. නූලට ගිනි තිබ්බම ඒකට රතිඤ්ඤ අමුනන්න අපේ කට්ටිය හරි දස්සයිනෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි

      කික්කු පැටියෝ ඔය සනිපෙන්නේ අපිට ආතල් එකේ ලෝලිවගේ සකස් කරන්නගමන් ගල් වැඩපොළේ ඕක කරමු
      ටෙක් කෙයාර් කුකු ..සියු සුන් ...අයි ලව් යුවර් සකස්

      Delete
    2. ස්මාට් එවුන් නුල පත්තු වෙලා ඉවර වෙන්න කලින් තව නුලක් අමුණනවා. අනික් එවුන් ඒ නුලටත් රතිඤ්ඤ එල්ලනවා

      Delete
  6. ඉරාජ් දන්නවා මුට්ටිය බිඳෙන්නේ කොහොම දැම්මොත් ද කියලා ඌ උගේ marketing tricks ටික පාවිච්චි කරනවා
    බුකියෙ උං මැච් එක ඇදගෙන යනවා

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි දැනුම අවම ලංකාවට මැජික් උනාට ඔය මාකටින් ට්‍රික්ස් වෙනත් රටවල බොහොම ප්‍රකට ඒවා..

      Delete
    2. +++++++++++++++++++++++++++++

      Live and let others live.
      Enjoy your joy and let others enjoy their joys.

      Delete
  7. Replies
    1. අන්න උඹව ගල්කිස්ස පොලිසියෙන් හොයනවා

      Delete
  8. මම එක දෙයක් කියන්ඩද? මේ මම කියන්ඩ යන ඇත්ත කියන්ඩ තවමත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ . ඉරාජ් කියන්නේ පුදුම මෝඩ මීහරකෙක්. ඔය වගේ උන් තමයි කිරි කළයක් දොවලා ඒකට ගොම මුහු කර ගන්නේ. ඉරාජ්ගේ වීඩියෝ එකේ කිරි එන සොසේජ් එකයි, කටේ ඔබන කෙහෙල් ගෙඩියේ දර්ශනෙත් නොතිබුණා නම් ඒක ඉතාම හැඟුම් බර සාර්ථක ඉදිරිපත් කිරීමක් වෙන්ඩ තිබුණා. ඉරාජ් මොන සින්දුවක් කීවද මට නම් තේරුණේ නැහැ, නමුත් වීඩියෝ ඉදිරිපත් කිරීම හා රංගනය ඉතාම සංවේදියි, ඉහලයි. එකේ සයන්න වෙනුවට පයන්න දාපු එකටත් වඩා අර ගොන් සීන් දෙක නොදා හිටියා නම් මේ මොන ප්‍රශ්ණයක් වත් නැහැ.

    ReplyDelete