Friday, May 19, 2017

යුධ ජයග්‍රාහකයෝ

යුද්ධයේ නිමාව සිදුවූ කැලැන්ඩර් දිනයේදී ඒ සම්බන්ධව සැමරුම් ඉතාම අවම මට්ටමින් සිදුවීම ඉතා හොඳ ප්‍රවනතාවක් ලෙසින් කිව හැකිය. කාගේ උවමනාවට යුද්ධය කෙරුනද අද වනවිට ඉන් විඳවන්නේ දෙපාර්ශවයේම වින්දිතයන් සහ ඔවුන්ගේ සමීපතමයන් පමණි. යුද්ධය අවුළුවන ලද පිරිස් සහ ඉන් මහා පරිමාණයෙන් ආර්ථික, දේශපාලන සහ සමාජීය ප්‍රතිලාභ ලද පිරිස අදටත් යෙහෙන් වැජඹෙති. ඔවුන් යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයෝ වෙති. සිය පරමාදර්ශය  වෙනුවෙන් සටන් බිමේ අරගල කළ දෙපාර්ශවයේම පිරිස් පරාජිතයෝ වෙති. මේ ගැන දිගට ලිවීමට කරුණු ඇතත් තුවාල පෑරීම නොකරමි. 

නමුත් සැබෑ සතුරා තවම යෙහෙන් වැජඹෙන බව කිව යුතුය.

විනාශ කලේ සැබෑ සතුරා නොව සැබෑ සතුරා විසින් තනනා ලද රූකඩයක් පමණි.

18 comments:

  1. යුද්ධයේදී දෙමළ ජාතිවාදීන්, මාක්ස්වාදීන්, ක්‍රිස්තියානි කාරයින් යන තුන් පිරිසම සිටියේ එක පැත්තක.
    සිංහල බෞද්ධයන් හිටියේ අනිත් පැත්තේ. මුස්ලිම්වරු වෙනම පැත්තක.

    එම නිසා යුද්ධයේදී සිංහල බෞද්ධයන් විසින්
    දෙමළ ජාතිවාදීන්, මාක්ස්වාදීන්, ක්‍රිස්තියානි කාරයින් යන තුන් පිරිසම පරාජය කෙරුනා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඇත්තෙන්ම සිංහල කියල ශුද්ධ , අමිශ්‍ර ජාතියක් නැහැ. සියලුම ජාතින්, සිංහල ජාතිය සමග එකතුවී සින්හලවිමයි මෙතෙක් කලක් උනේ. නමුත් දැනට වසර 250 කැට පෙර මෙම සම්ප්‍රදාය බිද වැටුනා. සුළු ජාතින් තම අනන්‍යතාවය ඉදිරියට ගෙන යමින් අයිතිවාසිකම් ඉල්ලමින් මහා ජාතිය එක්ක සටනට පැමිණීමේ අහිතකර ප්‍රතිඵල තමයි මේ.

      Delete
    2. මෙ යුද්ධයේ සටන් වැදුනු සියළුම හමුදා සෙබළුන්ටත් දිවිපිදූ අතපය අහිමිකරගත් සෙබළුන්ටත් අප සැමදා ණය ගැතියි. මේ සටනේදී දිවිපිදුවේ බොහොමයක් සිංහල සොල්දාදුවන්. ඒවගේම විවිධ ආගම් විවිධ භෂා කථා කරන සියළුම ජාතීන් වල අය හිටියා. ත්‍රස්තවාදී අතින් මුලින්ම ඝාතනය වුණ පොලිස් පරීක්ෂක සෙබස්ටියන් පිල්ලේ ගේ සිට 1996 මුලතිව් කඳවුර බේරාගැනීමේදී පැරශූට් වලින් බැසගත් විශේශ කාර්‍යය බළකා කණ්ඩාමට අණ දී එහිදීම දිවි පිදූ කර්නල් ලාෆීර් වැන්නවුනුත් සිහිකල යුතුමයි. එමෙන්ම 1987 වඩමරච්චි මෙහෙයුම කල ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න වැන්නවුන්, යාපනය සහ වැළිඔය බේරාගත් ජානක පෙරේරා සහ අවස්ථාව තිබුණත් රට හැර නොගොස් සටන් බිමේ සිටි සරත් ෆොන්සේකා වැනි අයත් වීරයන්. අවසාන යුද්ධයට දේශපාලන නායක්වය දුන් හිටපු ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේඛම් තුමා කර කාර්‍යය භාරය තීරණාත්මකයි. එම නිසා මේ යුද්ධය දිනීම පක්ෂ, පාට, ජාතීන් ආගම් වලින් බැහැරව සියළුම ත්‍රස්ත විරෝධී සහ බෙදුම්වාදීන්ට විරෝධී ජයග්‍රහණයක්.

      Delete
    3. ස්තුතියි ඉයන් මේ යථාවනේ වහලා දාන්න හදන්නේ හැමෝම.

      Delete
    4. පරාජය කළ යුත්තේ ජාතීන් සහ ආගම් අතර බෙදීම් ඇති කරනා බලවේගයි.

      Delete
  2. Replies
    1. අප විසින් පාඩමක් ඉගෙන ගෙන ඇතිද යන්න ප්‍රශ්ණයක්

      Delete
  3. මේක තේරෙනෙ බොහොම ටික දෙනෙකුට. මේගැන 2009 මම ලියපු මේක කියවපන්

    ReplyDelete
    Replies
    1. ඉතා වැදගත් ලිපියක්, ඇයි ඒක සිංහලෙන් පල නොකරන්නෙ .

      Delete
    2. බොහොම ස්තූතියි සමරසේකර මහත්මයා. මේ ලිපිය ඒ කාලයේ පත්තර වල පලවුණා. මම කියපු දේවල් හැම දේම අනිත් පැත්තට වුණා කියලා අපි හැමෝම දැක්කනෙ. රට බෙදීම වලක්වන්න කලින් බෙදුනු රටවල් වලට එසේ බෙදන්න ක්‍රියා කල බටහිර ජාතීන් අපේ පැතට අරගෙන බෙදුම්වාදීන් ඔවුන්ගෙන් අයින් කරන එක මේ ආණ්ඩුවෙන් වෙලා තියෙනවා. ඔබතුමාට වෙලාවක් තියෙනවනම් මේකෙ පරිවර්ථනයක් ඔබගේ බ්ලොග් එකේ ඔබේ නමින් පලකරන්න. ඒ වුණාට මම හිතන්නේ මම අනතුරු හඟවපු දේවල් සමහරක් දැන් වෙලා ඉවරයි. ඔබට නැවතත් බොහොම ස්තූතියි.

      Delete
    3. තිස් වසරක අරගලය අවසන් කළ පසුව එය ඇතිවීමට හේතු වූ කාරනා වලට ලබා දී ඇති විසඩුම් මොනවාද?

      Delete
    4. ඉයන්, ඔබේ ලිපිය ඇසුරින් අලුත් ලිපියක් ලියන්නම්

      Delete
    5. //ඉයන්, ඔබේ ලිපිය ඇසුරින් අලුත් ලිපියක් ලියන්නම්// ++++++++++++

      Delete
  4. සිංහල බෞද්ධ කියන්නෙ අධම ජාතිවාදීන්. උන් අපේ නායක ප්‍රභාකරන් මහත්තයව මැරුව. එතුමාව අපි මේ දවසෙ සිහි කරනවා. ආපහු එවැනි නායකයෙක් පහලවෙලා මේ කාලකණ්නි සිංහලයන් නැතිකරලා දාන්න කියලා අපි ක්‍රිෂණා දෙවියන්ගෙන් ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 250 පමණ කාලයක මේ රටට ආපු දෙමල මිනිසුන්ගේ ජාතිවාදී ප්‍රහාර වලින් සිංහල බෞධයා බේරා ගන්න කියල ඒ අයත් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලුවොත් මොකද වෙන්නෙ. එකම දෙවියා දෙපැත්ටටම පහර දෙනවාද? කුණුහරප ලියන්න එපා.

      Delete
  5. මේ යුධ ජයග්‍රහණයෙන් වැදගත් පාඩමක් ඉගෙන ගන්න හැකිවුනා. එනම්.
    මාක්ස්වාදියො, ක්‍රිස්තියානි කාරයො, දෙමළු සහ කලා කාරයො අපිට උගන්නන්න හදපු තරම් කොටි සංවිධානය බලගතු නෑ කියන කරුණ.

    ReplyDelete
  6. ජීවන ඔබේ අදහට වඩා මගේ අදහස ටිකක් වෙනස්
    ලෝකේ බොහෝමයක් රටවල යුධ සැමරුමි සිදුවෙනව. මම විශ්වාස කරනව ඔක අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු දෙයක් .මෙතනිද සැමරෙන්නේ යුධජයග්‍රහනය ඒ කියන්නේ වසර 30ක් පුරා ඇදුනු යුද්ධයේ අවසානය.සැබෑව ඔබ කියන විදිහට මේක ගැටලුවේ අවසානය නොවේ,මේක සමරන්නේ නැතිව ඉන්නේ දමිල ජනතාවගේ සිත රිදෙයි කියල නම් එතැන බරපතල ප්‍රශ්ණයක් තියෙනවා .එකට උත්තරේ යුධ සැමරුම නවත්වන එක නෙවේ මේක ආන්ඩුවේ කොන්ද පන නැතිකම නිවට කම ඔවුනට පුලුවන් කම තියෙන්නේ පැහැදිලිව මේකෙන් කියන්නෙ අපි මේ ඉවරකලේ රටේ සිංහල දමිල මුස්ලිම් පොදු මහජනතාවගේ ගැටලුවක් මිස දම්ල ජනතාව පරාජය කිරීමක් නොවන විත්තියල. උතුර් දම්ල සංහාර සිත්යක් පැවැත්වීමට ඉඩදීමත් රටේ යුදු සැමරුම නැවැත්වීමත් දෙකෙන් ඔප්පු කරන්න හදන්නේ මේක වෙන්ටැති

    ReplyDelete