Wednesday, April 12, 2017

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා කරමු

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා විය යුතු බවට පසුගිය සති දෙක තුල තැනින් තැන මත පැනනගිනු දක්නට ලැබිණ. මේ මතයන් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය චන්ද වලදී යහපාලනය වෙනුවෙන් කැපවූ ක්‍රියාධරයන් වීමද සුවිශේෂී කරුණක් බව කිවයුතුය. මේ අතරම වියත් මග නම් සංවිධානයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරුපය නැංවීමේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයති. නමුත් සංවිධිත සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපාරයක් නම් දක්නට නැත. එයට හේතුව ලෙස මා දකින්නේ සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කළහොත් එයට විරුද්ධ මත දරන්නන්ගෙන් විසින් ගෙන එනු ලබන පීඩනය මත ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇන හිටීමේ තර්ජනයයි. මගේ මතය නම් වියත් මග පාලුගෙයි වලන් බිඳීමේ කටයුත්තක යෙදී සිටින බවය. එම ව්‍යාපෘතිය තුල සමාජය වෙත මතවාදී බලපෑමක් කළහැකි කිසිවෙකුදු (Key Openion Makers ) දක්නට ලැබෙන්නේද නැත.

මේ ලිපිය තුලින් සාකච්චා කරනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා වශයෙන් සාර්ථක වනු ඇතිද, අසාර්ථක වනු ඇතිද යන්න නොවේ. අවම වශයෙන් ඒ මහතාට රටේ නායකයා වීමට දැනට පවතින මැතිවරණ සහ සාමාජීය සාධක මත හැකියාවක් ලැබෙන්නේද යන්න මෙහිදී අප සාකච්ඡා කරමු.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය තරඟ කලේ ජනාධිපති ධුරයේ සිටියදීමය. එවකට ඔහු හට රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රාජ්‍ය ආයතන වල පිරිස් බලය පමණක් නොව මේ සියල්ල අවභාවිතයට එකහෙලා සුදානම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිටියහ. මේ සියල්ලට ඉහලින් ඔහු යුද්ධය ජයගත් නායකයාද විය. අමතරව බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාධරයන් සුවිසල් බහුතරයකගේ සහයෝගයද පවතින. ඔහු වෙත නොතිබුන ප්‍රධාන සාධකය වුයේ සුළු ජන චන්ද පදනම සහ සමාජ ජාලා ක්‍රියාධරයන් ගේ සහයෝගය ය.

මින් ප්‍රධාන සාධකය වන සුළු ජන පදනම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා ගැනීමට ඇති ඉඩ කඩ අවමය. යුධ ක්‍රියාන්විතය සිංහල ජනයා උත්කර්ෂයට නැංවුවද දෙමල ජන සහය නැතිකර දැමිණ. පසුගිය රජය කාලයේ කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන ගිය ආගමික ත්‍රස්ත කල්ලි රාජපක්ෂ වරුන්ගෙන් සුළු ජන පදනම තවත් ඈත් කර දැමීමට ප්‍රධාන හේතුවක් විය. ආගමික ත්‍රස්තවාදී කල්ලි නීතිය අතට ගත් විට රජය නිහඬ විය. හමුදා සහ පොලීසිය නිහඬ විය. රාජ්‍ය ආරක්ෂක ලේඛම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬ විය. දැනට අමතක මේ කරුණු මැතිවරණයකදී නැවත මිනී වලෙන් නැගිට එනු ඇත.

දෙවන ප්‍රධාන කාරණය වන්නේ මැතිවරණ පරාජයට පසුව නිදහස් පක්ෂ ක්‍රියාධරයන් ගේ සුපුරුදු බෙදීමය. එකිනෙකා ඇනකොටා ගැනීමය. මහින්ද රාජපක්ෂ මහතා පළමු මැතිවරණයට ඉදිරිපත් වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය දෙවරක් ජනාධිපතිධුරය හි කටයුතු කර තිබිණ. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතුව සිටියහ. වසර 17ක එජාප පාලනය වෙනස් කරනා ලද්දේ නව මුහුණුවරකින් පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියය. එසේ වී නමුදු ඇය රජය ගෙනගියේ පාර්ලිමේන්තුවේ එක් චන්දයක බහුතරයකිනි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට රජ වීමට නම් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කලයුතුය. එසේ පක්ෂය එකමුතු කරන්නට මේ වනවිට රාජ පක්ෂවරුනට පක්ෂය තුල බලයක් නැත. එසේනම් එන්නට වන්නේ පොදු විපක්ශයෙනි. පොදු විපක්ෂය මහළු මඩමක් වැනි ස්ථානයකි. සිටිනා එකම ප්‍රසිද්ධ තරුණයා විමල් වීරවංශ පමණකි. ඔහු සම්බන්ධව වචන වැය කිරීමත් නාස්තියකි.

පොදු විපක්ෂයේ සමාජ ජාලා කණ්ඩායම එකිනෙකා කුලල් කා  ගනිති. පාගමන් යනවිට උන්ගේම නායකයන්ගෙන් ගුටි කති. ගුටිකා බිම වැටී එම පින්තුර සමාජ ජාලා වලම ප්‍රසිද්ධ කරති. පසුව සමාදාන වූ බව සමාජ ජාලා වලම කියති. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමාජ ජාල ප්‍රචාරණ ව්‍යාපාරය කිරීමට සිදුවනු ඇත්තේ මෙවන් ක්‍රියාධරයන් සමගය. නැතහොත් පසුගිය ජනාධිපති වරනයෙදී  ආකාරයටම කුලී ලියන්නන් දහස් ගණනක් සහ පරිගණක දහස් ගණනක් යොදාගෙන ව්‍යාජ ප්‍රෝෆයිල සහ ව්‍යාජ ගිණුම් වලින් මෝඩ චුන් එකක් ගැනීමට සිදුවනු ඇත. 

ගොටාභය රාජපක්ෂ මහතාගේම වචන වලින් කිවහොත් ඔහුගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යෙදවන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණීමටය. මෙයද නරකට හිටිනු ඇත.

දැන් වියත් මග හරහා ප්‍රචාරණ කටයුතු කරන්නේ රාජ්‍ය බලය නොමැතිව මහළු මඩමක් වන්  වූ ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණ රජ වීම සිහිනයක්ම පමණක් බව පෙනෙනා නිසා වන්නට පුළුවන.

වියත් මග තුල වියත් බවක් දක්නට නැත. මාමාගේ සහ බෑනාගේ අසභ්‍ය ගීත වලට සැබෑ වියතුන් සිනාසෙන්නේ නැත. අත්පුඩි තලන්නේ නැත.

සමාජ ජාලා වල දමා තිබුණු වියත් මග ඡයාරූ තුල පසුගිය රජයේ කොටස් වෙළෙඳපල ජාවාරම් සහ රාජ්‍ය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවභාවිතාවන් වල යෙදුන බවට චෝදනා ලද පුද්ගලයන්ද ප්‍රධාන තැන් ගෙන සිටිනු දක්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයකට ඉදිරිපත් වන විට මේ කරුණු ද ඉදිරියට පැමිණෙනු ඇත.

මේවා විශ්ලේෂණය කරනා විට පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රජ කරවීමේ සිහිනය සැබෑ කරගන්නට නම් වෙනස් කලයුතු කාරනා විසල් ප්‍රමාණයක් ඇති බවය. එනම් සිහිනවක්ම පමණක් බවය. 

චායාරුපය - Colombo Telegraph

36 comments:

  1. Replies
    1. හැබෑද. ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා .

      Delete
    2. මාතලන්, බොට දැන් වැඩියෙන් ගෙවන්නේ ස්රිකොතෙන්ද ,මැඩමුලනින්ද කියහංකෝ.

      Delete
    3. ජේ වී පී එකෙන්...

      උන්ට නේ වැඩිම සල්ලියක් තියෙන්නේ...

      Delete
    4. විමලයාගේ පක්ෂෙන් නෙවෙයිද?

      Delete
  2. අයිඩියල් වොකර්Wednesday, April 12, 2017 11:45:00 PM

    ලංකාවේ ඉන්නේ දේශපාලඥයින් දෙදෙනෙකු පමණි.
    1.රනිල් වික්‍ර‍මසිංහ
    2.ආර්.සම්බන්ධන්
    මොවුන් දෙදෙනාගෙන් තොර ලංකාවේ මෑත අනාගතය අඳුරුය.
    ඉඩී අමීන්ලා,මුගාබෙල,සදාම් හුසේන්ල වැනි අමානුශික පාලකයින්ට වඩා මැන්ඩෙලා,ලින්කන් වැනි ජනනායකයින් අපට වටිනවා.
    ස්වාසිලන්තයේ හෝ සූඩානයක ජීවත්වීමට කැමති කවුද දූෂකයින් සහ මංකොල්ලකරුවන් හැර?

    ReplyDelete
    Replies
    1. මැන්ඩෙලා,ලින්කන් වැනි ජනනායකයින් ඉතින් පරලොව ගිහිල්ලනේ.
      අනේ අපි මොකෝ කොරන්නේ.

      Delete
    2. අයිඩියල් වොකර්Thursday, April 13, 2017 7:45:00 AM

      දේශපාලඥයින් හා පරිපාලකයින් වශයෙන් ජාති දෙකක් රටක ඇත .දේශපාලඥයින් රට හා ජනතාව ‍මෙහෙයවීමට දක්ෂ වන අතර පරිපාලකයින් ආයතන සහ පිරිස් කළමනාකරනය කිරීමට සිටියි.ගෝඨාභය රාජපක්ෂ යනු පරිපාලන නිලධාරියකි.ඔහු තම සොහොයුරාගෙ විධායක බලතල උපයෝගිකරගෙන අත්තනෝමතික පරිපාලනයක නිරත විය.

      Delete
    3. අයිඩියල් කැමල්ටෝThursday, April 13, 2017 12:13:00 PM

      //ලංකාවේ ඉන්නේ දේශපාලඥයින් දෙදෙනෙකු පමණි.//

      අනිත් අය ඹටුවොද?

      Delete
    4. //ලංකාවේ ඉන්නේ දේශපාලඥයින් දෙදෙනෙකු පමණි//
      ඇයි අපේ ....
      නෑ ඕනේ නෑ

      Delete
  3. මේවා තමයි නෙලුම් යායේ ප්‍රතිඵල.

    චන්දිම විතාන ආරච්චි, අජිත් ධර්මකීර්ති හරහා ජිවන ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. රාජිත අමතක කිරීම ගැන අපගේ බලවත් කණගාටුව

      Delete
    2. හේ හේ අනිවාර්යයෙන්ම

      Delete
  4. අයිඩියල් වොකර්Wednesday, April 12, 2017 11:45:00 PM
    ලංකාවේ ඉන්නේ දේශපාලඥයින් දෙදෙනෙකු පමණි.
    1.රනිල් වික්‍ර‍මසිංහ
    2.ආර්.සම්බන්ධන්
    මොවුන් දෙදෙනාගෙන් තොර ලංකාවේ මෑත අනාගතය අඳුරුය.
    -------------------
    පිස්සුව හොදටම තද වෙලා, අන්ගොඩට යවන්න ඕනෑ කාලේ හරී වගේ

    ReplyDelete
    Replies
    1. කාවද සමරේ?

      Delete
    2. රටේ නම වෙනස් කරන්න වෙයි වගේ

      Delete
  5. People had big expectations of 'Yahapalanaya', however this govt started on a foundation of big lies. I remember the amount (in Dubai bank) Mangala Smaraweera first said is more than 2014 GDP, people believed that. Then Thdjudeen Photos and videos story by Rajitha. After two years, house of lies falling apart, elections are delayed, 600 mil for two cars for MS and so on. People will have no one to turn by 2020. Hope Gota will be our Lee Kuan Yew

    ReplyDelete
    Replies
    1. 600mil Rs is cheap compared to countless cars in previous presidents vehicle pool.
      Do you remember that upgraded Airbus ordered for SL President. Probably forgot about it. Right?

      Delete
    2. සිංගප්පූරුව රටක් නොව කඩයකි.එරට බොහෝ පිරිස් කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍ර‍මණය වේ.
      ලංකාවේ ගොඩයන්ට නම් සිංගප්පූරුව රටක්.

      පුලවන් කෙනෙක් සිටියි නම් ලංකාව ස්විඩනය,කැනඩාව,නවසීලන්තය වැනි මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙස ජිවත්විය හැකි රටක් ‍ලෙස ප්‍රතිනිර්මානය කරන්න.

      Delete
    3. එත‍කොට තාජුඩීන් මැරුනෙ නැද්ද ?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ලී ක්වාන් යූ ගියාද?

      Delete
  6. අයිසෙ දම්පාට, ඔහේ බ්ලොග් ලිව්වත් ගෝත්‍රිකයෙක්බව තමයි අපට පේන්නෙ. මොකද ලංකාවෙ අන්තිම රජු හිරේදාල දැන් අවුරුදු දෙසීයකට වැඩියි. ලංකාවෙ දැන් ඉන්නෙ දේසපාලුවො මිසක් රජවරු නෙවෙයි. උනුත් දේසපාලුවො මිසක් දේශපාලනඥ්ඥයො නෙවෙයි. මොකද උන් මේ රට පාලු කරලා තමන්ගෙ බඩ වඩා ගන්නවා මිසක් රටට කරන දෙයක් නෑ. ඔහේගෙ වීරයා ගෝඨා, ඡන්දෙ ඉල්ලීම කෙසේ වෙතත්, හිර බත් කෑම වෙන්ඩ තියෙන ඉඩ වැඩියි. හැබැයි ඩීල් එකක් දාගෙන ඡන්දෙ ඉල්ලන්න ආවොත්, රනිල් පුඟුලා නිකන්ම දිනාගෙන රට සේරම වෙන්දේසියෙ විකුණලා දායි. අපි ඉපදිච්ච රටට දෙයියන්ගෙම පිහිට තමා.

    ReplyDelete
    Replies
    1. රොබට් ලොක්කා, මාතෘකාව විතරක් කියවන්නේ නැතිව පොස්ට් එකත් කියවන්න

      Delete
  7. No I did not forget anything, that is why people send MR home. This govt will fall harder than MR. It is hilarious to say Singapore is bad and we want to be like Norway. We will be more like Iraq and Libya, most of us nor using with is inside our head believing current set of politicians. Yes, Thdjudeen dead, what I said is lies about clear video evidence.

    ReplyDelete
    Replies
    1. තාජුඩීන් එල්ලිලා මැරුණා වෙන්න බැරිද?

      Delete
    2. //Yes, Thdjudeen dead, what I said is lies about clear video evidence. //

      clear video evidence එක unclear video evidence බවට පත්වීම යහපාලන ඩීල් එකක ප්‍ර‍තිපලයක් විය හැක.දැන් ඉන්න අලුත් හොරුයි පරන කම්බ හොරුයි දෙකම එකයි.

      Delete
    3. මාගේ කිරිල්ලී අවුරුද්දක් වැලිකඩ ඉන්නෙ ජොලියට හලෝ..

      Delete
  8. Replies
    1. Mata mathakay uba kageda manda blig ekaka ahuwa biththi kapararu karanne ay qyala! Gon katha hama thanama qyannepa ban. Simawak thiyenwa. Epa wenwa ubawa. Mekath e wagene ban. Gota gana api dnneth na sampurnayen. Api danna ewa ubath nodana innwa nam uba Internet use kranne porn site walata witharak wenna ona....gona

      Delete
    2. මිනිස්සුන්ට මඩ ගහන්න ඉස්සෙල්ල සිංහල කොටන්න ඉගෙන ගනින් ගොන් බූරුවො...
      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  9. ගොටා ආවොත් ෆොන්සේකාට වඩා වැඩියෙන් ජන්ද ගන්න බව ශුවර්.අනිත් එක ගොටා ආවොත් වෙන්නේ අපිට වෙන්නේ ආමි එකට පොලිසියට ඕනේ විදියට ලෙෆ්ට් රායිට් කරන්න.එකට මම කැමති නැහැ.මගේ ජන්දේ ගෝථාට විරුද්ධව.

    ReplyDelete
  10. ගෝඨාභය රාජපක්ෂ
    North Korea - 2

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් නොර්ත් කොරියා වල වැරැද්ද මොකද්ද හා

      Delete