Saturday, August 1, 2015

මහා මැතිවරණය 2015 - අපේක්ෂිත ප්‍රතිපල

මේ ලිපිය ලියනා මොහොත වනවිට 2015 මහා මැතිවරණය වෙත ඉතිරිව ඇත්තේ තවත් දින 16ක කාලසීමාවක් පමණි. වෙනත් මැතිවරණ සමග සසඳන විට රට තුල මැතිවරණ උණුසුමක් නොමැති තරම්ය. එය ඉතාමත් සුභදායක තත්වයකි. ප්‍රචණ්ඩ සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද සමස්තයක් වශයෙන් ගත්කල සාමකාමී බවක් රටතුල පෙන්නුම් කරයි.
 රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය  සහ රාජ්‍ය දේපල මැතිවරණය සඳහා අවභාවිතයවන බව වාර්තා නොවේ.
කෙසේ නමුදු එක්සත් ජාතික පෙරමුණ රජයක් පිහිටුවන බවට නිසැක ලකුණු පෙන්වයි.
පසුගිය රජය මෙහෙයවන ලද රෙජීමය සිදු කරනා ලද වංචා, දුෂණ, බලය අවභාවිතය, මෙන්ම ජනතාව වෙත මුදා හල හිංසා පීඩන පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙත ඉමහත් බලපෑමක් සිදු කරනා ලද අතර රටට නව නායකත්වයක් පත්කර ගැනීමට ජනතාව පෙලගස්වන ලදී.
මේ අතර අතර ජනතාව ප්‍රත්ක්ෂේප කරනා ලද චරිත සමග නැවත නැගිටින්නට රෙජීමයේ සෙවනැල්ලට මුවාවී සිටි දුෂිතයන් නිෂ්ඵල ප්‍රයත්නයක් යෙදෙන බව සැමට පැහැදිලිය. ඔවුන්ගේ නොහැකියාව විශ්ලේෂනාත්මකව පෙන්නුම් කෙරීමට මෙම ලිපිය උපකාරී වනු ඇත
මෙම විශ්ලේෂණය සඳහා 2005 මැතිවරණ ප්‍රතිපලය සහ 2010 ප්‍රතිපල මෙන්ම අදවන විට රටතුල පවත්නා තත්ව විශ්ලේෂණයක් (situation analysis) උපයෝගී කරගෙන ඇත.


පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත පහත දක්වෙන සියලු  සාධක නොඅඩුව තිබිණ.
1. විධායක බලතල
2. රාජ්‍ය දේපල අවභාවිතයේ උපරිම හැකියාව
3. රාජ්‍ය මුදල් මැතිවරණ යාන්ත්‍රනය සඳහා මංකොල්ල කෑමේ හැකියාව
4. රාජ්‍ය ජනමාධ්‍ය අවභාවිත හැකියාව
5. රාජ්‍ය නොවන ජනමාධ්‍ය මර්ධනය
6. රජයේ නිලධාරීන් බලහත්කාරයෙන් මැතිවරණ යාන්ත්‍රනය වෙත යොමුකිරීමේ හැකියාව
7. මැරකල්ලි
8. විපක්ෂයට පහරදීමේ යාන්ත්‍රනය
9. ජාවාරම්කරුවන්ගේ සහයෝගය
10. රජයේ වාහන
11. මහපරිමාන දන්සැල්
12. රටම වසාගත් පෝස්ටර්  කටවුට් සහ  බැනර් මගින් සිදුකරන ප්‍රචාරණ යාන්ත්‍රනය
13. යතුරුපැදි, සිල්රෙදි, බඩුමලු වැනි කප්පම්
14. අශික්ෂිත මඩ යාන්ත්‍රනය
15. දරුවන් පවා මඩ යාන්ත්‍රණයට යොදවා ගැනීමේ හැකියාව.
16. විපක්ෂ අපේක්ෂකයන්ගේ ඩමි අපේක්ෂකයන් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව.

සියළු ලැයිස්තුව ලියන්නේ නම් මෙමලිපිය දින ගනනාවන් ලිවීමට සිදුවනු ඇත.

අද වනවිට රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත ඇති අතර  මේ සියලු අවභාවිතයන් සහ දුෂ්ඨ ක්‍රියාදාමයන් පවතින රජය මැතිවරණ ජයග්‍රහණය සඳහා නොයොදවන බව පෙනී යයි. මේ හේතුවෙන් එජනිස යට කරට කර සටනක් දීමේ හැකියාව ලැබී ඇත. එජනිසයට ලැබී ඇති වාසි දායක තත්වය උපරිමලෙසින් සලකා බලා ඉහත විශ්ලේෂණය සිදුකොට ඇත.

එජනිසයට ඇති උපරිම වාසිදායක තත්වය තුල වුවද රජයක් පිහිටුවීමේ හැකියාව නොමැති බව ඉහත විශ්ලේෂණය මොනවට පෙන්නුම් කරයි.

මේ අනුව නැවත වරක් රට දුෂ්ඨ පවුල් පාලනයට නතු නොවීමේ හැකියාව පෙන්නුම් කිරීම සතුටට කාරණයකි.

21 comments:

  1. බොහෝ දුරට මේක හරියාවි... මේ ගණන් ඒක්ක අපිත් ඒකගයි...

    ReplyDelete
  2. නිකන් 1600/- post දාන්න එපා පොන්නයො

    උබෙ ගොන් analysis ගෙඩිය පිටින්ම වැරදියි

    කළුතර UPFA 4, UNP 5 කවද වෙන දෙයක්ද ?

    කළුතර දිස්ත්‍රික්කෙ බේරුවල ආසනේ, පානදුර ආසනේ ඇරුනහම ඔක්කොම ආසන UPFA දිනනවා. ඒ දෙකේ ඉන්න තම්බි හින්දා තමයි ඒවා පරදින්නෙ. පානදුර පැරදුනොත් පරදින්නෙ චන්ද 2000කට අඩු ගානකින්

    හොරණ , බණ්ඩාරගම, අගලවත්ත, බුලත්සිංහල, මතුගම ඔය හැම එකක්ම සංධානෙ දිනනවා, ජනාධිපතිවරණෙට වැඩිය වැඩි චන්ද ගානකින්.

    ඔය ආසන වල ඉන්න ජනතාවගෙන වැඩිකොටසක්, රබර්, තේ,කෘෂිකර්මාන්ත වලින් යැපෙන අය. රබර් තේ වලින් ජීවත් වෙන මිනිස්සුන්ට මහපාරේ හිගාකන්න වෙලා තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. කළුතර එම ප්‍රතිපලය වෙත යොමු කර ඇත්තේ එජනිසයේ මහින්ද සමරසිංහ පිල සහ මහින්ද රාජපක්ෂ පිල අතර විරසකයයි.

      අනෙක මචෝ අමතක කරන්න එපා තවම තියෙන්නේ සමානුපාතික චන්ද ක්‍රමය බව.

      Delete
    2. මහින්ද සමරසිංහ යනු කළුතර සන්ධාන චන්ද වලට මොනම බලපෑමක් හෝ කල හැකි චරිතයක් නොවේ. අපි මොහොතකට හිතමු යම් බල පෑමක් අත කියා. එත් විරසකේ තිබ්බම මහින්ද සමරසිංහගේ චන්ද කොහොමද යු.එන්.පී යට වැටෙන්නේ.

      Delete
    3. මම සන්ධානය වෙනුවෙන් හෝ මහින්ද වෙනුවෙන් දැඩිව එල්බගත් මතයක ඉඳන් මේ දෙස බලන්නේ නෑ. නමුත් මම අවසන් වශයෙන් මේ රටේ ජාතික අනන්‍යතාවය හා සමස්ථ ජාතිකත්වය පැත්තේ ඉන්නවා. මේ චන්දය වඩා තීරනාත්මක වෙන්නේ අන්න ඒ ජාතිකත්වය කියන කාරනේට සාපේක්ෂව. මොකද රටේ සිංහල බෞද්ධයන් ගොඩනගපු අනන්‍යතාවයට එරෙහි සුළුතර ජාතිවාදී වර්ගවාදී අන්තවාදීන් ඔක්කොම එක පැත්තක් වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය දිනවලා තමන්ගේ බෙදුම්වාදී යටි අරමුණු වලට යන්න. මේක දැන් එලි වෙලා ඉවරයි ඒ නිසා බහුතරයක් සිංහල ජනතාවට මහින්දගේ අගේ වෙනදටත් වඩා දැනිලා. ජනවාරි 8 වනදා තිබුණ තත්වේ දැන් නෑ. එදා චන්ද පෙරලිය ඇති කළේ යහපාලන ආනිසංසය නෙවෙයි රට තුල ඉන්න සුළුතර බෙදුම්වාදී බලවේගත් ඔවුන්ගේ රටින් පිට සිටින බලවේගයත් එකතු වෙලා රටේ ජාතිකත්වය අනුව යන නායකයා ජනතාව පෙලන යක්ෂයෙක් කියන බොරු මතය මිනිස්සුන්ගේ මනසට කාවද්දපු එකයි. මහින්දගේ ආණ්ඩුවේ පැහැදිලි අඩුපාඩු තිබුණා ඒකට උත්තරේ මහින්ද පරද්දන එක නෙවෙයි මහ මැතිවරනයකදි දූෂිත දේශපාළුවන්ට චන්දේ නොදී ඉන්න එක. එක්සත් ජාතික පක්ෂය යනු හොරා නොකන පක්ෂයක් නොවන බවත් එය රට් කාබාසිනියා කරන්නේ සමස්ථ ජාතිකත්වයත් සමග බවත් මතක් කරන්න කැමතියි. මේව ජනවාරි 8 වනදා ඉඳන් දවසින් දවස මිනිස්සුන්ට තේරුනා. යහපාලනේට රැවටුන මිනිස්සු පවා දැන් කනගාටු වෙනවා තමන් කරපු දේ ගැන. එක්සත් ජාතික පක්ෂයේ පොරොන්දු මාලාව අවසන් විග්‍රහයේදී රට තුල හා පිටත සිටින විජාතික බලවේගයට රටේ ජාතිකත්වය මර්ධනය කර යටපත් කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීම පිණිස ජනතා කැමැත්ත රැවටිල්ලෙන් ලබා ගැනීමට දෙන්නා වූ ඇමක් පමණි. මේවා දැන් ජනවාරි 8 යහපාලනේට චන්දය දුන් අයත් තේරුම් ගෙන හමාරයි. අපි තේරුම් ගත්තේ ඊටත් කලින්. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර වැන්නන් සමග ප්‍රචාරක රැලි තියමින් මහින්දට බනින වාරයක් ගානේ සිද්ධ වෙන එකම දේ මහින්දගේ ප්‍රතිරූපය තවත් වැඩෙන එකයි එක්සත් ජාතික පක්ෂය අප්‍රසාදයට පත් වෙන එකයි විතරයි. මේ වෙනකොට මෛත්‍රීගේ අල්ලස් ඇමතිධූර ලබාගත සියල්ලනට එම ධූර අත් අරින්නට බලකර තිබෙන්නේ මහින්දගේ ජනතා ප්‍රසාදයත් ජනබලයත් කියන කාරනේ. එක්සත් ජාතික පක්ෂයට සුළුතර අන්තවාදීන්ගේ චන්ද සෙරම අරගෙන තමන්ගේ ජාතකේ දන්නෙ නැති මෝඩ සිංහලයන් සුළුතරයකගේ චන්ද ගත්තහම දිනන්න පුළුවන් වෙයි කියලා හිතන බෑ. මොකද සිංහල ජනයාගෙන් නාගරික සර්වපිත්තල පොෂ් තරුණයන් සුළුතරයක් හැර බහුතරය මහින්දට එකතු නිසාත්. සුළු ජන කොටස් වල බෙදුම්වාදී අන්තවාදීන් නොවන සුළුතරයක් හෝ සන්ධානයට චන්දය දෙන නිසාත් ප්‍රතිඵලය මේ ලිපියේ පෙන්වාදෙන එක නොවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ.

      Delete
  3. You must be well paid with the dollar supplied by your western masters! Day dream, Ayubovan!

    ReplyDelete
    Replies
    1. පිළුණු වෙච්චි පරණ කතාව අහලම ඇතිවෙලා.

      Delete
  4. කුරුණැගල UPFA 8, UNP 7 ඔක්කොම ආසන සංධානය දිනනවා , UPFA ආසන 8 කියල මෙකේ දාල තියෙන්නෙ බෝනස් ආසනෙත් එක්ක

    එතකොට බෝනස් නැතුව UPFA 7, UNP 7 වෙන්න ඕනැ


    ඔක්කොම් ආසන දිනලත් චන්ද පරතරය 5000 අඩුයි ?

    මෙකෙන්ම තේරෙනවනෙ මුගෙ බොරු ව්ශ්ලේෂණ.

    ReplyDelete
    Replies
    1. හරියට බලපාන මචෝ බෝනස් ආසනය කොහෙද තියෙන්නේ කියල.
      මේක දිස්ත්‍රික් මට්ටමේ සම්ම්නුපාතික චන්ද ක්‍රමය මත පදනම් වෙලා කියල ආයෙත් මතක් කරන්න වෙලානේ බං

      Delete
    2. මැතිවරණ ප්‍රතිපල අනාවැකි ඉදිරිපත් කරන බොහොයාගේ වගේම ඔබගේත් තිබෙන මුලික අඩුපාඩුව එක් එක් දිස්ත්‍රික්ක වලින් තෝරා ගනු ලබන මන්ත්‍රී ගණන ගැන ඇති අනවබෝදයය් . උදා : ලෙස යාපනයෙන් මෙවර පත්වන්නේ 9ක් නොව 7 කි . රත්නපුරෙන් 10 ක් නොව 11 කි . මීට අමතරව කුරුණෑගලින් සන්දානය අවම අසන 9 ක් ලබය් . මහනුවරින් එජාපයට අසන 7ක් ලැබේ . ගාල්ල කළුතර ජය ගන්නේ සන්දනයය් . හම්බන්තොටින් සන්දානයේ ආසනයක් අඩුවී ජවිපෙට ලැබේ . කොළඹින් ෆොන්සේකාට අසුනක් නොලෙබි ජවිපෙට ලැබේ . ෆොන්සේකාට ජාතික අසුනක් ලැබේ . මේ අනුව මගේ ගණනයට අනුව UPFA 99 , UNFGG 97 , JVP 10 , TNA 15 , SLMC (මඩකලපු හා වන්නි ) 2 , DP 1 , EPDP 1

      Delete
  5. කොළඹ, කළුතර, කුරුනෑගල, පොලොන්නරුව,ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රතිථල සිරිකොත හරහා යන විට කොම්පියුටර් ජිල්මර්ට් එකකට ලක්වී ඇති හැඩයි.

    ලොකුම ජෝර්ක් එක කලවැද්දට හා ජවිපෙට කොළඹින් දමා තිබෙන්නේ එක ආසනයක් බැගින් වීමයි.

    ඇනලයිස් යනු ඔයාගේ හිතේ තියෙන විලම්බීත වලට අනුව වගු පිරවීම නොවේ. 18 ට පහු වෙනකම් ඔයාගේ චුන් ඔයාට චුන්!!!

    ReplyDelete
    Replies
    1. කොම්පියුටර් ජිල්මාට් දැන් මැදමුලන නැද්ද මචං

      Delete
    2. Wadagath widihataa comment karannewath na

      Delete
  6. අනේ ...ජිවන ...ගොං හුත්තලට.......චුං වෙන්න දියං මචෝ.....අපි එකෙන්ම......

    ReplyDelete
  7. මචෝ, ජීවන,

    අර කතාවක් තියෙනවා අහල නැද්ද "අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න එපා " ය කියලා.

    උඹත් කරලා තියෙන්නේ අන්න ඒ වගේ වැඩක් තමා.
    බයියෝ පරදින එක දැන් ඉර හඳටත් වඩා ෂුවර්. එත් උන් ගේ හීන ලෝකවල උන් හැමදාමත් දිනලා. ඔය හීන ලෝක කඩන වැටෙනවා 18 උදේ වෙනකොට. එතෙක් උන්ට ආතල් එකේ ඉන්න දීපන් බන්. බයියෝ කියලා මරන්නද????? පවු කියල හිතෙන්නේ නැද්ද>??

    ReplyDelete
  8. මෙතන තියෙන ලෙෙකුම විහිලුව මේකයි.... මේ විෂ්ලේෂනය කරල තියෙන්නෙ මහින්දට අකමැති ඔක්කොම ඡන්ද යූ ඒන් පී යයි කියලා හිතාගෙන ...... හොදම උදාහරණය පොලොන්නරැව......... මගෙ යාලුවො ඉන්නව ගොඩක් ගියපාර මහින්දට දුන් නැති... ඒ-් අය බහුතරයක් දෙන්නෙ JVP ........ මෙ පාර JVP & sarath fonseka මීට වඩා දිනනවාමයි......මොකද මහින්දට ඡන්දය නොදුන් බහුතරයකගේ බලාපොරොත්තු ඉටු වී නෑ UNP හරහා..........බොදු ජන පක්ෂයත් කිහිපයක් හෝ දිනනවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. JVP මිට වඩා ආසන දිනයි කියලා මමත් හිතන්නේ. මොකද , ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙච්ච මිනිස්සු තමයි හංසයා දිනෙව්වේ. UNP අය නෙවෙයි. ඒ චන්ද ඒ නිසා UNP එකෙන් කැඩිලා නියමිත පක්ෂෙට වැටෙනවා. UNP එකේ ශක්තිය උනේ JVP එක විසින් කඩපු චන්ද කියල මටත් 'හිතෙනවා'. වැරදි වෙන්න පුළුවන්

      Delete
  9. මැතිවරණ ප්‍රතිපල අනාවැකි ඉදිරිපත් කරන බොහොයාගේ වගේම ඔබගේත් තිබෙන මුලික අඩුපාඩුව එක් එක් දිස්ත්‍රික්ක වලින් තෝරා ගනු ලබන මන්ත්‍රී ගණන ගැන ඇති අනවබෝදයය් . උදා : ලෙස යාපනයෙන් මෙවර පත්වන්නේ 9ක් නොව 7 කි . රත්නපුරෙන් 10 ක් නොව 11 කි . මීට අමතරව කුරුණෑගලින් සන්දානය අවම අසන 9 ක් ලබය් . මහනුවරින් එජාපයට අසන 7ක් ලැබේ . ගාල්ල කළුතර ජය ගන්නේ සන්දනයය් . හම්බන්තොටින් සන්දානයේ ආසනයක් අඩුවී ජවිපෙට ලැබේ . කොළඹින් ෆොන්සේකාට අසුනක් නොලෙබි ජවිපෙට ලැබේ . ෆොන්සේකාට ජාතික අසුනක් ලැබේ . මේ අනුව මගේ ගණනයට අනුව UPFA 99 , UNFGG 97 , JVP 10 , TNA 15 , SLMC (මඩකලපු හා වන්නි ) 2 , DP 1 , EPDP 1

    ReplyDelete
  10. why you are silent now..????

    You'll are responsible to the fate of the country.....

    Why cant you talk to correct the wrong things done by the government ..????

    ReplyDelete