Saturday, August 1, 2015

මහා මැතිවරණය 2015 - අපේක්ෂිත ප්‍රතිපල

මේ ලිපිය ලියනා මොහොත වනවිට 2015 මහා මැතිවරණය වෙත ඉතිරිව ඇත්තේ තවත් දින 16ක කාලසීමාවක් පමණි. වෙනත් මැතිවරණ සමග සසඳන විට රට තුල මැතිවරණ උණුසුමක් නොමැති තරම්ය. එය ඉතාමත් සුභදායක තත්වයකි. ප්‍රචණ්ඩ සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද සමස්තයක් වශයෙන් ගත්කල සාමකාමී බවක් රටතුල පෙන්නුම් කරයි.
 රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය  සහ රාජ්‍ය දේපල මැතිවරණය සඳහා අවභාවිතයවන බව වාර්තා නොවේ.
කෙසේ නමුදු එක්සත් ජාතික පෙරමුණ රජයක් පිහිටුවන බවට නිසැක ලකුණු පෙන්වයි.
පසුගිය රජය මෙහෙයවන ලද රෙජීමය සිදු කරනා ලද වංචා, දුෂණ, බලය අවභාවිතය, මෙන්ම ජනතාව වෙත මුදා හල හිංසා පීඩන පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙත ඉමහත් බලපෑමක් සිදු කරනා ලද අතර රටට නව නායකත්වයක් පත්කර ගැනීමට ජනතාව පෙලගස්වන ලදී.
මේ අතර අතර ජනතාව ප්‍රත්ක්ෂේප කරනා ලද චරිත සමග නැවත නැගිටින්නට රෙජීමයේ සෙවනැල්ලට මුවාවී සිටි දුෂිතයන් නිෂ්ඵල ප්‍රයත්නයක් යෙදෙන බව සැමට පැහැදිලිය. ඔවුන්ගේ නොහැකියාව විශ්ලේෂනාත්මකව පෙන්නුම් කෙරීමට මෙම ලිපිය උපකාරී වනු ඇත
මෙම විශ්ලේෂණය සඳහා 2005 මැතිවරණ ප්‍රතිපලය සහ 2010 ප්‍රතිපල මෙන්ම අදවන විට රටතුල පවත්නා තත්ව විශ්ලේෂණයක් (situation analysis) උපයෝගී කරගෙන ඇත.


පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත පහත දක්වෙන සියලු  සාධක නොඅඩුව තිබිණ.
1. විධායක බලතල
2. රාජ්‍ය දේපල අවභාවිතයේ උපරිම හැකියාව
3. රාජ්‍ය මුදල් මැතිවරණ යාන්ත්‍රනය සඳහා මංකොල්ල කෑමේ හැකියාව
4. රාජ්‍ය ජනමාධ්‍ය අවභාවිත හැකියාව
5. රාජ්‍ය නොවන ජනමාධ්‍ය මර්ධනය
6. රජයේ නිලධාරීන් බලහත්කාරයෙන් මැතිවරණ යාන්ත්‍රනය වෙත යොමුකිරීමේ හැකියාව
7. මැරකල්ලි
8. විපක්ෂයට පහරදීමේ යාන්ත්‍රනය
9. ජාවාරම්කරුවන්ගේ සහයෝගය
10. රජයේ වාහන
11. මහපරිමාන දන්සැල්
12. රටම වසාගත් පෝස්ටර්  කටවුට් සහ  බැනර් මගින් සිදුකරන ප්‍රචාරණ යාන්ත්‍රනය
13. යතුරුපැදි, සිල්රෙදි, බඩුමලු වැනි කප්පම්
14. අශික්ෂිත මඩ යාන්ත්‍රනය
15. දරුවන් පවා මඩ යාන්ත්‍රණයට යොදවා ගැනීමේ හැකියාව.
16. විපක්ෂ අපේක්ෂකයන්ගේ ඩමි අපේක්ෂකයන් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව.

සියළු ලැයිස්තුව ලියන්නේ නම් මෙමලිපිය දින ගනනාවන් ලිවීමට සිදුවනු ඇත.

අද වනවිට රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත ඇති අතර  මේ සියලු අවභාවිතයන් සහ දුෂ්ඨ ක්‍රියාදාමයන් පවතින රජය මැතිවරණ ජයග්‍රහණය සඳහා නොයොදවන බව පෙනී යයි. මේ හේතුවෙන් එජනිස යට කරට කර සටනක් දීමේ හැකියාව ලැබී ඇත. එජනිසයට ලැබී ඇති වාසි දායක තත්වය උපරිමලෙසින් සලකා බලා ඉහත විශ්ලේෂණය සිදුකොට ඇත.

එජනිසයට ඇති උපරිම වාසිදායක තත්වය තුල වුවද රජයක් පිහිටුවීමේ හැකියාව නොමැති බව ඉහත විශ්ලේෂණය මොනවට පෙන්නුම් කරයි.

මේ අනුව නැවත වරක් රට දුෂ්ඨ පවුල් පාලනයට නතු නොවීමේ හැකියාව පෙන්නුම් කිරීම සතුටට කාරණයකි.