Saturday, January 31, 2015

මාර පරාජයෙන් පසු ආයෙත් අපි ආවා................................


මාස තුනකට ආසන්න කාලයක් පුරාවටම දම්පාට දේදුන්නට පොස්ට් එකක් දාන්න බැරි උනා. කලින් නම් සතියකට දෙක ගානේ විතර පොස්ට් ලිව්වත් ජනාධිපතිවරණ සටන පටන් ගත්තට පස්සේ සංගීතය ගැන ලියනවට වැඩිය ඒකාධිපති රෙජීමය එලවන්න සම්පුර්ණ කාලය මිඩංගු කිරීම වඩා වැදගත් කියල හිතුනා.

රාජ්‍ය බලය, රාජ්‍ය මර්ධනය සහ රාජ්‍ය දේපල භාවිතා කරමින් රාජ්‍ය මුදල් මංකොල්ලකමින් රාජපක්ෂ රෙජීමය සහ එහි සට්ටම්බියන් ජනාධිපතිවරන ප්‍රචාරක යාන්ත්‍රනය ක්‍රියාත්මක කරද්දී අපට ඉතිරි උනේ කාගේත් සුරතලිය වූ අන්තර්ජාලය පමණයි. කලෙක පටන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල මධ්‍යස්ථ මතධාරීන්ගේ කෙළි මඩලක් බවට පත්ව තිබුනා. දේශපාලන සහ ආගමික අන්තවාදීන් හට නිර්දය විවේචනයක් පැතිර තිබූ මේ සුවිශේෂී මාධ්‍යය ජය ගැනීමට රාජපක්ෂ රෙජීමය අවසන් මොහොතේ විශාල ලෙස මුදල් ආයෝජනය කරා. එම ආයෝජන බිඳ වැටුනේ මානව සබඳතා මුදලට වඩා ප්‍රභල බවමොනවට පෙන්වා දෙමිනි.

රාජපක්ෂ රෙජීමය මහජන මුදල් යොදවමින් පරිඝනක දහස්ගණන් යොදාගනිමින් අන්තර්ජාල ප්‍රචාරණයේ යෙදුනද ඔවුන්ගේ කිසිදු පණිවිඩයක් නිසි ලෙස සමාජගත කිරීමට සමත්වූයේ නැහැ. එයට හේතුවුයේ එම ප්‍රචාරණ යාන්ත්‍රණයේ තිබු ව්‍යාජ භාවයයි. ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් ප්‍රචාරණයේ යෙදුන පිරිස රාජපක්ෂ පිලේ සිටියේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. රාජපක්ෂ යාන්ත්‍රණය ව්‍යාජ ප්‍රොෆයිල තුලින් ක්‍රියාත්මක කර ව්‍යාජ ප්‍රොෆයිල වෙතම පණිවිඩ සන්නිවේදනය කිරීමේ ''මෝඩ චූන්'' ප්‍රචාරණ ව්‍යාපාරයක වල්මත්ව සිටියා.

විපක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රනය වෙත ගොනුව සිටි මර්ධනයට බිය නොවූ පිරිස් ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් ස්වකීය පණිවිඩය වේගවත්ව සමාජයවෙත කාන්දු කරා. එපමණක් නොව මිලියන සිය ගණන් මහජන මුදල් මංකොල්ල කමින් රෙජීමයේ සට්ටම්බියන් සිදුකල සුවිසල් ප්‍රචාරක කටයුතු පවා එක ෆේස්බුක් සටහනකින් අවුල් කර දැමීමට ඔවුනට හැකිඋනා.

මෙහිදී මා අත්දුටු තවත් අපුර්ව සිදුවීමක් නම් මහජන මුදල් කොල්ලකමින් සිදුකල මහපරිමාන ප්‍රචාරණය ක්‍රියාත්මක කල පිරිස් පවා ස්වකීය සත්‍ය ප්‍රොෆයිල තුලින් කිසිදු ප්‍රචාරණයක් පරාජිත ජනාධිපතිවරයා වෙනුවෙන් සිදු නොකිරීමය. අතීතයේ ලබාගත් හෝ අනාගතයේදී ලබාගැනීමට අදහස් කරනා පුද්ගලික ලාභ ප්‍රයෝජන සහ වරප්‍රසාද වෙනුවෙන් හෝ මුදල් වෙනුවෙන්  කටයුතු කරන්නවුන්ගෙන් එයට වඩා දෙයක් කිසිවිටෙක බලාපොරොත්තු විය නොහැකිය.

රාජපක්ෂ රෙජීමයේ උසස් තනතුරු දැරූ එම තනතුරු සඳහා සුදුසුකම් නොතිබූ සට්ටම්බියන්  රජයේ ආයතන තුල ඇතිකර තිබූ දූෂණය, මර්ධනය සහ භීෂණය රාජ්‍ය සේවකයන් විපක්ෂය වෙත යොමුකිරීමට ප්‍රධාන හේතුවක් උනා. උදාහරණයක් ලෙස මා සේවය කරනා ආයතනයේ හිටපු ප්‍රධානියකු නිතරම සේවකයන් වෙත සුදුවෑන් එවන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම තුල මෙන්ම විපක්ෂ ක්‍රියාකාරීන් වෙත බොරු චෝදනා එල්ලකර පීඩාවට පත්කිරීම තුල සියයට අනුවකට වඩා පිරිසක් රාජපක්ෂ විරෝධයට පොළඹවනු ලැබුවා. රාජ්‍ය සේවයට නුසුදුසු මහල්ලකු වන අධ්‍යක්ෂක වරයකු මා කල්පිටියට ගාල් කිරීමේ පිඹුරුපත් සකසා තිබුනේ ඔවුන්ගේ දුෂණ ක්‍රියා විවේචනය හේතුවෙනි. කෙසේ වෙතත් රෙජීමයේ පරාජයෙන් පසුව මෙම ප්‍රධානීන් සිය ගෝලබාලයන් නීතියේ රැහැනට හසුවන්නට ඉඩහැර අලජ්ජී ලෙස වසන්වී ගොස් අවසන්.


අප ආයතනයේ පිරිසක් ජනාධිපතිවරණය සඳහා සිදුකල මහජන මුදල් මංකොල්ලයක් ලංකා ඊ නිවුස් හි පළවූ අවස්ථාවක මුදල් බලයෙන් සහ රාජ්‍ය බලයෙන් සියල්ල කලහැකිය යන මතයේ සිටි අප ආයතන ප්‍රධානියකු සේවකයන් ඉදිරියේ පාරම්බෑවේ ලංකා ඊ නිවුස් මිලදී ගෙන එම තොරතුරු දුන් පුද්ගලයා සොයාගන්නා බවය. සල්ලි ටිකක් විසි කිරීම මගින් සඳරුවන් සේනාධීර මිලට ගතහැකි බවද ඔහු පැවසුයේ උපහාසයෙනි.

මෙවන් භීෂණකාරී වාතාවරණයක් තුල ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දායකව සිටි සමයේ සංගීතය වැනි විෂයක් කෙරෙහි සිත් යොමුකිරීමට මානසික එකාග්‍රතාවක් නොතිබිණ. කෙසේ වෙතත්  බ්ලොග් අවකාශයෙන් ඉවත්වී  මාගේ කාලය වැයකල කාර්යය මල්පල දරා ඇත. රාජ්‍ය භීෂණය මෙන්ම රාජ්‍ය සේවකයන් බැඳ දමා ඇති  බැමි වන නීති රෙගුලාසි මධ්‍යයේ ඒකාධිපති රෙජීමය පරාජය කර දැමීමට සුළුවෙන් හෝ දායකවීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.

සියල්ල අවසානයේ නැවතත් ආදරණීය බ්ලොග් මිතුරු කැල වෙත නැවතත් පැමිණෙමි.

20 comments:

  1. ආ... එහෙනම් ඒ පැත්තෙත් සහලෝල උණ තිබ්බද? අනේ වාසනාවන්!

    දැන්වත් ඉතින් ලියමු.
    [මෙවන් භීෂණකාරී වාතාවරණයක් තුල ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දායකව සිටි සමයේ සංගීතය වැනි විෂයක් කෙරෙහි සිත් යොමුකිරීමට මානසික එකාග්‍රතාවක් නොතිබිණ. ]

    මේක දැක්කම මට සිහියට ආවේ මේ වගේ අදහසක්.

    දැන් අපි ඔය කලාකරුවෝය, සංගීතවේදියෝය , සිනමා කරුවෝය , නළුවෝය අරයය .. මෙයාය කියල කියන ඔක්කොටම මම හිතන්නේ කළාවට ඒකාග්‍ර කරගන්න බැරි හිතක් තිබ්බදෝ කියලත් හිතුන පහුගිය කාලේ බිහිවෙච්ච බහුතර නිර්මාණ දිහා බැලුවම. ඒ කියන්නේ රජෙක් ඉන්නකොට බඩේ ගින්දරේ බැරුවා වෙන්ට ඇති.. ඒකනේ කලාව - නොකලාව වෙනකල් මෙලෝ ගානක් නැතුව සිහිමුර්ජාවෙන් වගේ 'රාජ අණ ' පිළිපැද පැද ඉන්ට ඇත්තේ! අනේ පව්!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 20 කට පස්සේ තමා චන්දයක් දින්නේ. චන්ද්‍රිකා පලවෙනි පාර දිනෙව්වා. දෙවනිපාර එපාවෙලා හිටියේ සුපුරුදු විදියට රනිල්ට වැඩ කරලා පරාදයි. ඊළඟ වතාවෙත් රනිල් පරාදයි. ෆොන්සේකා ඉල්ලපු වෙලාවේ දෙන්නටම එක ලොකු කතිරයක් ගහල නිකන් හිටිය.
      ඔය කලා රිටාල සෙට් එක පට්ට ෆන් එකක් ගත්ත ආණ්ඩුවේ කොන්තරාත් කරලා.


      රාජ අණ පිළිපැද්දට පාඩුය.......

      Delete
  2. Replies
    1. එසේම වේවා.............................

      Delete
  3. විදේශීය මැදිහත්වීමක් තිබුන බව ඇත්ත වුනත් පැවති වාතාවරණය අනුව නම් මහින්ද පරදියි කියල කිසිවෙක් හිතුවෙ නැහැ.
    පාර්ලීඉන්තුවෙත් තුනෙන් දෙක, අයිය කථානායක දෝශාභියෝගයක් ගේන්නත් බෑ, එක මලයෙක් ආරක්ෂාව බාරව කපුටෙකුටවත් පියාබන්න බෑ,තව මලයෙක් ආර්ථිකය බාරව,දේශප්‍රේමය විජාතික කුමන්ත්‍රණ කතාවලින් මාළිගා බලුවංශ රටේම ඔළු බ්‍රේන් වොෂ් කරනව,සුමනදාසය ප්‍රමුඛ තක්කඩි නඩය රටම ගොනාට අන්දනව,සල්ලි දීල ඕන එකෙක් ගන්නව බැරි වුනොත් තගරිය,මාධ්‍ය ඔක්කොම එයා ලඟ ඔය විදියට බලයෙන් අංග සම්පූර්ණයි.

    සියල්ල වෙනස්වුනේ එකපාරටම, සිහිණයක් වගේ

    ReplyDelete
    Replies
    1. මහරජාට පිස්සු තද වෙලා අවුරුදු දෙක අට කරන්න ගියේ රටේ වාසනාවකට. නැතිනම් අවුරුදු දෙක ඉවරවෙනකොට රටේ මහජන කැරැල්ලක් ඇති වෙන එක වලක්වන්න බැහැ. හොඳම උදාහරණය එයාපෝට් එකේ ස්ට්‍රයික් එක. ඒක ඔර්ගනයිස් කරේ ජාතික සේවක සංගමය නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසිනුයි. නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්ගේ, ගම්පහ දිස්ත්‍රික්කය තුල 3000ක් තමාගේම පක්ෂයේ වෘත්තිය සමීතිය එලියට බස්සනකන් ගොටාභයගේ ඔත්තු සේවය දන්නේ නැහැ. ඒ වෙනකොට සිස්ටම් එක බිඳවැටිලා ඉවරයි.
      මහරජාට ලනුව කවපු ගොන් සුමනදාසයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

      Delete
    2. @මධ්‍යස්ත මතදරියා: ගෝඨාභය ඉන්නකොට රටේ ආරක්ෂාව කොතරම්ද කියල ඔබ දක්වපු උපමාව.... හැක් ... හැක්.. එහෙම තමයි මිනිස්සුන්ගේ ඔළුවලට උන් කාවද්දලා තිබ්බේ. හරියට නින්දක් නැතුව, රැයක් දවාලක් නැතුව මුරකරපු ගානයි. හික්... මම නම් පුද්ගලිකවම දන්නවා කෙරුවා නම්!

      Delete
    3. @ උපේක්ෂා කපුටෝ පියාඹන එක කෙසේ වෙතත් ආණ්ඩුවෙන් පළුවක් ගැලවෙන කල් ගෝටගේ බුද්ධි අංශය නිදි.

      Delete
  4. උඹල වගේ ජීවිතයයි රැකියාවයි අවදානමට තියල ඒ මජර ක්‍රමේට විරුද්ධව, පුඩ්ග්ගලික ලාභාපේක්ෂාවෙන් තොරව වැඩ කල සියල්ලන්ට ආචාරය!!

    ReplyDelete
    Replies
    1. මචෝ මේ බ්ලොග් අවකාශය තුල හැමදාම කොමෙන්ට් ලියන බ්ලොග් මේන්ටේන් කරන සෙට් එකක්ම ඉන්නවා මහින්ද එලවන්න නෙට් එකේ පට්ට කැම්පේන් එකක් ගෙනගිය. සමහරු පැය 24ම ලොග් වෙලා හිටියේ මුළු කාලය පුරාවටම. සමහර බ්ලොග් කරුවන් ඉතාමත් ප්‍රසිද්ධ පුවත් වෙබ් වල ප්‍රධානීන්. හැබැයි මෙතන නම් ඉන්නේ පුසෝ වගේ.

      මේ සටනට නිවුස් වෙබ් සයිට් දුන්නු සහයෝගයට ස්තුති කල යුතුමයි.

      Delete
  5. ලැබූ ජය රැක ගන්න වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. පරමාර්ථ වලින් වෙනස් ගමනක් යන්න හදුවොතින් 180 degree turn තමා

      Delete
  6. ජීවන නැවත දැකීම සතුටක්, ආපහු යමු සංගීත චාරිකාව ,
    රාජපක්ෂ ප්‍රචාරණය බිඳ වැටුනේ මට හිතෙන විදිහටනම් , ඔවුන් කලේ මඩ ප්‍රහාර එල්ල කිරීම පමණක් නිසා . නිර්මානාත්මක ලෙස පණිවිඩයක් දීමට වඩා මඩ ගැසීමට පමණක් බරවීම තුල ඔවුන්ගේ ප්‍රචාරනන් යාන්ත්‍රනය බිඳ වැටුනා

    ReplyDelete
    Replies
    1. පරිගණක ක්‍රියාකරුවන් දහස් ගණනක් කුලියට ගත් පමණින් නිර්මානාත්මක භාවයක් කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. නිර්මානාත්මක පණිවිඩයක් පරිගණකයෙන් ඔබ්බට ගොස් එකිනෙකා අතර සංවාදයක් ඇති කල යුතුයි. සංවාදය තුලින් පමණයි මතයක් සමාජගත කල හැක්කේ. ප්‍රචාරණයේ හොඳම ආකාරය word of Mouth නම් වනවා.. මඩ ප්‍රහාරයක් උනත් සංවාදයක් ඇතිවන ආකාරයකට හොඳ අලෙවිකරුවකුට හැසිරවීමට පුළුවන්.

      පරිගණක දහසකින් ෆේක් ප්‍රොෆයිල් දහසක් යොදාගෙන කරනා සන්නිවේදනයට වඩා මිතුරන් දහසක් සිටින එක් රියල් ප්‍රොෆයිල් එකකින් සමාජ ගතකලහැකි සන්නිවේදනය ප්‍රභලයි. විපක්ෂ ප්‍රචාරන ව්‍යාපෘතිය මුළුමනින් රියල් ප්‍රොෆයිල් හරහා සිදුකිරීම නිසා එය නිසි ලෙස සමාජ ගත උනා.

      ආයෙත් සංගීත චාරිකාව පටන් ගන්නවා.

      Delete
    2. පොඩි ආඩම්බරයක් තියෙනවා නේද මචෝ ඊයේ ලොක්කා ඇවිල්ලා අන්තර්ජාලයේ මෙහෙවර විශාලයි කියන කොට...

      Delete
    3. නැතුව මචෝ......
      අන්තර්ජාල කැම්පේන් එක නැතිනම් මෙලහට ලොක්ක, ෆොන්සේකා-II අතිවිශාල පුළුල් තිර, සම්භාව්‍ය මණ්ඩල, ප්‍රදර්ශනයේ.

      Delete
  7. දේශපාලනයට එච්චර උනන්දුවක් නැති උනත්, මයිත්‍රී දිනනවට කැමැත්තෙන් හිටියත්, මරා අන්තිම මොහොතේ මොකක්හරි ජිල්මාට් එකක් දානව කියල හිතන් හිටිය. කොහොම කොහොම හරි හැපී එන්ඩින් උන එක ගැන ආඩම්බයක් එක්ක සන්තෝසයක් එනවා. මේ ඔක්කොම උනේ උබල මාතලන් පෙරකුම් වගේ අය දවසෙම දුන්න සය්බර් ගේම් එක නිසා තමයි. ජය වේවා.. මයිත්ර් වේවා....

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතේ දාන්න හිටපු ජිල්මාට් එක ගැනත් විස්වාසය තියාගෙන හිටපු එකත් මරාට වැරදුන එක තැනක්. මෛත්‍රී පැරදුනානම් සෙට් එකටම තමා කැමැත්තෙන්ම ගස් බැඳගත්තා කියල පොස්ට් දාන්න තිබ්බ.
      චික් අපරාදේ චාන්ස් එක.

      Delete
  8. ජීවන අයිය අයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත එක හොඳයි. හැබැයි බ්ලොග් එක ලියපු නැති කාලෙත් හොඳ වැඩ කොටසක් කරල තියෙනව. දැන් ඉතිං දුෂණ වංචා කරපු උදවියට දඬුවම් හම්බවෙන යුගයක් උදා වෙලා තියෙනවනෙ. අපි දැන් ඒවා ක්‍රියාත්මක වෙනකන් බලන් ඉමු. කමෙන්ට් කරන්න ටිකක් පමාවුනා. ජය වේවා!!!

    ReplyDelete
  9. මාරාව එලෙව්වට ....තාමත් අවතාර තිබෙනව මචෝ......
    අපිට තව ගොඩක් ඉතිරිව තිබේ කරන්න මචෝ....

    ReplyDelete